දුම්රිය ගාස්තු වෙනසක් නෑ

119

ඉන්ධන මිල ඉහළ ගියත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදුකර නැතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ගාමිණී සෙනවිරත්න මහතා “දිවයින” ට (ඊයේ (19 දා) පැවසීය.

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බවත් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කරනවාද යන්න ප්‍රවාහන ඇමැතිවරයා විසින් තීරණයක් ගනු ඇති බවත් ඒ මහතා කීය.

ඊයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවූවත් රඹුක්කන, හපුතලේ, මාදම්පේ යන ප්‍රදේශවල පැවැති මහජන විරෝධතා නිසා දුම්රිය ධාවනයට බාධා පැමිණි බවත් එම ප්‍රදේශ හරහා ඊයේ සවස් වනතෙක් දුම්රිය ධාවනය නොවූ බවත් සෙනවිරත්න මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment