IPL අවසන් මහා තරගය අද

298

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ.ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරය.එම තරගය චෙන්නායි හිදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇත.සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන් තරග 08ක් ජයගෙන තිබේ.කොල්කටා නයිට් රයිඩර්ස් අවසන් මහා තරග 04කට සහභාගී වී දෙවරක් ශූරතාව හිමිකරගෙන ඇත.ස්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම 03 වරක් අවසන් මහා තරග සඳහා සහභාගී වී එක් වරක් ශූරතාව හිමිකරගෙන සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment