LOLC ෆිනෑන්ස් පීඑල්සී මෙතෙක් ලැබූ ඉහළම ලාභය වාර්තා කරමින් විශිෂ්ට වසරක් සමාප්ත කරයි

141

කොන්රාඩ් ඩයස්, සභාපති – LOLC ෆිනෑන්ස් පීඑල්සී / ක්‍රිෂාන් තිලකරත්න, අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී -LOLC ෆිනෑන්ස් පීඑල්සී

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වසර සඳහා රුපියල් බිලියන 21.5 ක ලාභ වාර්තා කරමින් සුවිශේෂී කාර්ය සාධනයක් සටහන් කරයි.

එය පෙර වසරට සාපේක්ෂව 39% ක වර්ධනයක් වන අතර, 20% ක කොටස් මත ප්‍රතිලාභ නියෝජනය කරයි.

මෙම විශිෂ්ට ක්‍රියාකාරීත්වය උපායමාර්ගික ඒකාබද්ධ කිරීම් පෙළක් සහ මිල කාර්යක්ෂමතාවට දැක්වූ තිරසාර කැපවීම, ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික කේන්ද්‍රීයභාවය තුළින් ඇතිකරගත් සමාගමේ ක්‍රමෝපාය විශිෂ්ටත්වය සහ ශක්තිමත් වෙළඳපොළ පිහිටුම අවධාරණය කරයි.

මූල්‍ය වසර අවසානයේදී සමාගම රුපියල් බිලියන 250 ක ණය කලඹක් සහ රුපියල් බිලියන 206 ක තැන්පතු සංචිතයක් මෙන්ම රුපියල් බිලියන 122 ක ප්‍රාග්ධන සංචිතයක් වාර්තා කල අතර, එමගින් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම අගයක් සලකුණු කරයි. මෙම ප්‍රතිඵල මඟින් බැංකු නොවන මූල්‍ය කර්මාන්තයේ සිය ප්‍රමුඛත්වය පමණක් නොව, වෙනස්වන සාර්ව ආර්ථික පරිසරය සාර්ථකව තරණය කිරීම මෙන්ම අභියෝග හමුවේ ඊට අනුගත වෙමින් සාර්ථකත්වය ළඟාකරගැනීම උදෙසා සමාගමට පවතින හැකියාවද පිළිබිඹු කරයි.

පසුගිය වසර තුනක කාලය තුළ, LOLC ෆිනෑන්ස් සිය වෙළෙඳපොල පුරෝගාමීත්වය ශක්තිමත් කරමින් මෙහෙයුම් පියසටහන් විහිදුවමින් කැපී පෙනෙන ඒකාබද්ධ කිරීම් තුනක් සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබීය. මෙම උපාය මාර්ගික ඒකාබද්ධ කිරීම් සමාගමේ හැකියාවන් වැඩිදියුණු කල අතරම, නිෂ්පාදන පෙළ විවිධාංගීකරණය සහ ගණුදෙනුකාර සංචිතය ඉහළ නැංවීමට දායක විය. මෙම සෑම ඒකාබද්ධ කිරීමක්ම ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දේ බාධාවකින් තොරව එම ඒකාබද්ධකිරීම් සිදුකිරීමේ අරමුණෙන් සහ ඉදිරි වසරවලදී සැලකිය යුතු මෙහෙයුම් ශක්තියක් එක්කර ගැනීමේ අපේක්ෂාවෙනි.

LOLC ෆිනෑන්ස් ක්‍රමෝපායේ මුල්ගල වන්නේ පිරිවැය කාර්යක්ෂමතාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමයි. මෙහෙයුම් ක්‍රියාවලීන් ප්‍රශස්ත මට්ටමකට ගෙනඒම සහ ආර්ථිකමය උත්තේජනයන් තුළින් සමාගම සිය පිරිවැය අඩු කිරීමට පියවර ගෙන ඇත. මෙය පිරිවැයට සාපේක්ෂව 40% ක ආදායම් අනුපාතය මගින් නිරූපණය වන අතර ඒකාබද්ධ කිරීම් වල ප්‍රතිලාභය ඔස්සේ එය තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම පිළිබඳ අවධානයට පරිපූර්ණ ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය තුළින් තවදුරටත් සහායක් ලැබෙනු ඇත. අති නවීන තාක්ෂණයන් සහ ඩිජිටල් විසඳුම්, මෙහෙයුම් විධිමත් කිරීම, පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සහ සමස්තයක් ලෙස ව්‍යාපාරයේ කාර්යක්ෂම බව ඉහළ නැංවීම උදෙසා විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඩිජිටල්කරණ පියවර තුළින් වියදම් අඩුකිරීම පමණක් නොව සමාගම මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ තාක්ෂණික නවෝත්පාදනයන් හි ප්‍රමුඛස්ථානයේ රැඳවීමටද සමත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment