RADIO WESL වැඩ අරඹයි

17

දිනෙන් දින ඩිජිටල්කරණයට හුරු වන නවීන ලෝකය තුළදී නැවුම් වූ අත්දැකීම් සොයා යන ඩිජිටල්කරණයට හුරුවන මිනිසාට ඔවුන්ගේ එදිනෙදා කටයුතු පහසුකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික එතෙර සිටින ජනතාවට තම රටේ කොතැන සිටියත් ඒ අයුරින්ම තමන්ට දැනීම සඳහා තමන්ගේ එදිනෙදා වැඩකටයුතුවල පහසුව සඳහා ද විශ්වසනීය ලෙස නිර්මාණය කරන ලද WESL ජංගම දුරකථන යෙදවුම හරහා හැකියාව ඇත.

එතෙර සිටින ශ්‍රී ලාංකික ජනතාවට වඩාත්ම සුදුසු දේ හඳුනාගනිමින් මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කර ඇති අතර කාලීනව ඔවුන්ට අවශ්‍ය දේ මෙම ජංගම දුරකථන යෙදවුම හරහා යාවත්කාලීන අතර එම සේවාවන් නොමිලයේම ලබාගත හැකිය.

WESL ජංගම දුරකථන යෙදවුමෙන් නොනැවතී එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම හා විනෝදාස්වාදය මෙන්ම ශ්‍රී ලංකාවේ කාලීන පුවත් සමීප කරවීම සඳහා WESL සන්නාමය තවත් තාක්ෂණ හා ඩිජිටල් ප්‍රවේෂයන් කිහිපයක් වෙත ළඟා කරමින් RADIO WESL ඔබවෙත ළඟාකර ඇත. හුදෙක්ම ඔබගේ සංගීත රසාස්වාදය මෙන්ම ලාංකීය පුවත් පිළිබඳව ඔබ දක්වන උනන්දුව පිළිබඳව සලකා බලමින් ඔබට අවැසි හොඳම දේ ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කර ඇත.

සාම්ප්‍රදායික රේඩියෝකරණයකින් ඔබ්බට යමින් නැවුම් මුහුණුවරකින් RADIO WESL ලොව කොතැනක සිටියත් WESL ජංගම දුරකථන යෙදවුමෙන් ශ්‍රවණය කිරීමේ හැකියාව ඇත.

RADIO WESL ශ්‍රාවකයන්ට තම රසාස්වාදය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් දවස පුරා ප්‍රචාරය වන අතර තම ප්‍රියයන් ගීතවලට එකතු කරගනිමින් මානසික සුවයක් අත්විඳිමින් ගීත බොහොමයක් ශ්‍රවණය කිරීමට හැකියාව ඇත. පැරණි හා වර්තමානයේ ජනප්‍රිය ගීත සංකලනයකට මැදිව ගීත පෙළ ගැස්වීමක් සහිතව RADIO WESL ශ්‍රවණය කිරීමට හැක.

ඒ අනුව පෙ.ව. 8.00 සිට 11.00 දක්වා අපිලගේ Morning show, ප.ව. 1.00 සිට 4.00 දක්වා Radio Wesl Lunch Time, ප.ව. 4.00 සිට 7.00 දක්වා Radio Wesl Evening Show”, රාත්‍රී 7.00 සිට 10.00 දක්වා Radio Wesl ආදර රාත්‍රිය වැඩසටහන් විකාශනය කෙරේ.


advertistmentadvertistment