RDB බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

11

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව මෙවර සිය ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහ පසුගියදා මහනුවර ගැටඹේ නාගරික ක්‍රිඩාංගණයේදී පවත්වන්නට යෙදුනි. “තිරසර හෙටක් තැනුමට – ඇයට සවියක් වන්නට” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන පේරාදෙණිය උද්භිත උද්‍යානය යටතේ වන සුවහසක් මල් සංගමය හා ඒකාබද්ධව පැවැත්වුණි.

උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගි විය.

2025 වසර තුළ ව්‍යවසායකයන් 15000ක් ජාතික ආර්ථිකයට දායක කිරීමේ වැඩසටහනට සමගාමීව RDB බැංකුවේ මධ්‍යම පළාත් ශාඛාවන්හි ව්‍යවසායිකාවන් 60 දෙනකුට පමණ ව්‍යාපෘති ණය පහසුකම් හා ලීසිං පහසුකම් ලබාදීම ද මෙම අවස්ථාවට සමගාමීව සිදුවුණි.

තවද ඩිජිටල් ක්‍රමයට ශ්‍රී දළදා මාලිගාවට පුණ්‍යාධාර ලබා දීම සඳහා QR පහසුකම් හඳුන්වාදීම ද මෙම අවස්ථාවේදී සිදුවිණි.

RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරි ජනිත ප්‍රියශාන්ත, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි/අංශ ප්‍රධානීවරුන් වන DMTS කුමාර, වසන්ත අතුල කුමාර, ආචාර්ය බන්දුල ද සිල්වා යන මහත්වරුන් මෙන්ම මධ්‍යම පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරි චන්දන ධර්මප්‍රිය මහතා ඇතුළු මධ්‍යම පළාත් කාර්යමණ්ඩලය ද මෙම අවස්ථාවට එක්වුණි. එසේම විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මධ්‍යම පළාත් නායිකාවන් මෙන්ම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය අචලා අත්තනායක මහත්මිය හා සුවහසක් මල් සංගමයේ සභාපති, ලේකම් ඇතුළුව සාමාජිකත්වය මෙම උළෙලට සහභාගි විණි.


advertistmentadvertistment