SLT-MOBITEL වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස Ookla® වෙතින් ඇගයීමට ලක් වේ

45

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා භාවිතා පාරිභෝගිකයන්ට වඩාත් වේගවත් සහ උසස් සන්නිවේදන අත්දැකීමක් පිරිනැමීම සඳහා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරමින්, මෙරට වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස Ookla® වෙතින් ඇගයීමට ලක්විය.

Ookla® ලොව ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම දුරකථන සේවා ජාල පරීක්ෂණ යෙදුම්, දත්ත සහ විශ්ලේෂණ සම්බන්ධ ප්‍රමුඛයා ලෙස සැලකේ.

Ookla® Speedtest Intelligence® දත්ත අනුව 2024 ප්‍රථම කාර්තුවේ ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස SLT-MOBITEL ඵදඉසකැ ඇගයීමට ලක් විය.

ඒ අනුව මෙරට ජංගම දුරකථන ජාලවල ක්‍රියාකාරීත්වය සහ විශිෂ්ට පරිශීලක අත්දැකීම සම්බන්ධ ප්‍රමුඛයා ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට SLT-MOBITEL සමත් වී ඇත. විශ්වාසනීය ජංගම දුරකථන සේවා සඳහා ක්‍රමයෙන් ඉහළ යන ඉල්ලු‍ම සපුරාලමින් සහ පාරිභෝගික සහ ආයතනික පාරිභෝගිකයන්ගේ දිනෙන් දින වෙනස්වන ඩිජිටල් අවශ්‍යතා ඉටුකරමින් රට තුළ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මෙම ජයග්‍රහණය මගින් මැනැවින් පිළිබිඹු වේ.


advertistmentadvertistment