Visa සමාගම ශ්‍රි ලංකාවේ 35 වැනි සංවත්සරය සමරයි

33

ශ්‍රි ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන් බල ගැන්වීමට රුපියල් මිලියන 13 ක පරිත්‍යාගයක් ලබා දෙමින් Visa Government Solutions හඳූන්වා දෙයි.

ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය පිලිබඳ ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම ශ්‍රි ලංකාවේ සිය 35 වසරක දිගු ගමන නොබෝදා සමරනු ලැබුවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ය.

මෙම දිගු ගමන තුළ ශ්‍රි ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීමට Visa ඉතා විශාල කාර්ය භාරයක් සිදුකර තිබේ.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන් Visa ශ්‍රි ලංකාවේ සුළු සහ මධ්‍ය පරිමාන කාන්තා ව්‍යවසායිකාවන් බල ගැන්වීම උදෙසා රුපියල් මිලියන 13 ක් ඒෂියා පදනම වෙත (The Asia Foundation) පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇත .

Visa ආසියා ශාන්තිකර කලාපීය සභාපති ලෙස ක්‍රියා කරන ක්‍රිස් ක්ලාක් මහතා මේ පිළිබඳව පවසා සිටියේ ”‍පසුගිය වසර 35 තුළ Visa ශ්‍රි ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙන බවයි. අපගේ දැක්ම වනුයේ මුල්‍ය කටයුතු වලින් ඔබ්බට

ගොස් සෑම ස්ථානයකම සිටින සෑම කෙනෙකුම බලගැන්වීමට දායක වීමෙන් පුද්ගලයන්, ව්‍යාපාර සහ පුළුල් ප්‍රජාව බල ගැන්වීමයි. ශ්‍රි ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරිමට අපි කැපවීමෙන් කටයුතූ කරන අතර Visa Government Solutions දියත් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වෙමු”.

advertistmentadvertistment
advertistmentadvertistment