ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයෙන් මූලික එකඟතාව

107

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවීය ණය හිමියා වන චීනය මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මූලික එකඟතාවය පළ කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

චීන එක්සිම් බැංකුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

ආර්ථික අර්බුදය ඇති වන අවස්ථාව වන විට අප රට ඩොලර් බිලියන 46 ක පමණ මුදලක් ණය වශයෙන් විදේශයන්ට ගෙවීමට තිබූ බව ද එහිදී බහු පාර්ශවීය ණය මුදල් අප රට විසින් අඛණ්ඩවම ආපසු ගෙවීමට කටයුතු කළ ද ද්විපාර්ශවීය ණය ආපසු ගෙවීමට ඇති බව ද, එහිදී ප්‍රධානතම ණය හිමියා වූයේ චීනය බව ද ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව චීන එක්සිම් බැංකුව විසින් ගෙන ඇති තීන්දුව අපේ රටේ ආර්ථිකයට මෙන්ම ඒ හා සම්බන්ධ සියලු කාරණාවලට ඉතාමත්ම සාධකයක් බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment