සදුදා සිට පාසල් යළි පැවැත්වෙන අයුරු

636

ජුනි මස 27දා සිට ජූලි මස 01වැනිදා දක්වා පාසල් පැවැත්වෙන කාල සටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.ඒ අනුව පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික පාසල් සතියකට දින 03ක් පැවැත්වේ.එනම් අගහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හිදී පෙරවරු 7.30සිට පස්වරු 1.30 දක්වාය.සිසුන් නොපැමිණෙන දින සදහා මාර්ග ගත ඉගැන්වීම් කටයුතු නිවෙස් හි සිට සිදු කළ යුතුය.ප්‍රවාහනය අපහසු නිසා පාසැල් වෙත නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකේ.ග්‍රාමීය පාසල් පෙර පැවති අයුරින් පවත්වාගෙන යාම සඳහා විදුහල්පතිවරුන්ට අවසරය ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment