ත්‍රීරෝද රථයක් පෙරළී පහකට තුවාල

344


හක්මන – වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී අද උදෑසන ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

එහිදී තුවාල ලැබූ පාසල් ළමයින් දෙදෙනෙකු කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා ගංගොඩගම රෝහලට ඇතුළත් කර තිබේ.

හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලන කර ගැනිමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ත්‍රිරෝද රථය පෙරලී පහළින් තිබූ නිවසක මිදුලට ඇද වැටී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment