රන් සටන ජය පැරදුමෙන් තොරයි

91

කොළඹ මහානාම විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර 17 වැනි වරටත් කොළඹ පී. සරවනමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ‘රන් මහා සටන’ ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය කොළඹ මහානාම විදුහල් කණ්ඩායම තරගය නිමාවට පත්වන විට කඩුළු 2ක් දැවී ලකුණු 76ක් ලබා සිටියේය. ලකුණු 52ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් ක්‍රීඩකයෝ කඩුළු 5ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.

එහිදී හිමන්ත කේෂාන් හයේ පහර 5ක් සහ හතරේ පහර 13ක් සමග ලකුණු 114ක් රැස්කළ අතර නායක මනුර පීරිස් හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 50ක් රැස්කළේය.

කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් පළමු ඉනිම – සියලු දෙනා දැවී 203 (නායක මනුර පීරිස් ලකුණු 98) (ඉරුක් කරන්නාගොඩ 62/5)

කොළඹ මහානාම විදුහල් පළමු ඉනිම සියලු දෙනා දැවී 255

කවිදු අමාමෙත් 111, කූජන පෙරේරා 24, අංජල බණ්ඩාර 82, (අදීෂ බණ්ඩාර 70/4, සෙනුර සිල්වා 60/2)

ඩී. එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම – කඩුළු 5ක් දැවී 242යි. හිමන්ත කේෂාන් 114, සෙනුර සිල්වා 31, මනුර පීරිස් නොදැවී 50යි. (වෙනුත් හෙට්ටිආරච්චි (36/2)

මහානාම විදුහල් දෙවැනි ඉනිම – කඩුළු 2ක් දැවී 76

කවිඳු අමාමෙත් 23, මනුල අල්ගේහවත්ත 25, කූජන පෙරේරා නොදැවී 17යි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment