එන්නත් ලබා ගත් ජනතාවගේ නිවැරදි ප‍්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතුයි -PHI සංගමයේ සභාපති

223

ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවැරදි ප‍්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ඉදිරි එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව ද මෙසේ ප‍්‍රකාශ කළේය.

වර්තමානයේ එන්නත් ආවරණය නිසා අඩු වෙලා තියෙන මරණ සංඛ්‍යාව හා රෝහල්ගත වීම් සංඛ්‍යාව ඉදිරියේදි පවතින්නේ එන්නතින් ලැබෙන නිසා ඇතිවන ප‍්‍රතිදේහ සහ ප‍්‍රතිශක්තිය මත පදනම් වෙලා. ඒ නිසා නිරන්තරයෙන් පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් මේ ප‍්‍රතිශක්තිකරණය කොතරම් දුරට ලංකාවේ පුරවැසියන්ගේ තියෙනවද, කෙතරම් දුරට කාලයක් පවතිනවා ද යන්න අවබෝධ කරගෙන තුන්වෙනි මාත‍්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතුවලට බලධාරීන් සූදානමින් සිටිය යුතුයි. නැතිනම් අපි මේ ළඟා කර ගත්ත ඉලක්කය එන්නත්කරණය නිසා ඇතිවූ ප‍්‍රතිශක්තිය අවසන් වූ වහාම නැවත වරක් කලින් තිබූ තැනටම ගමන් කිරීමේ හැකියාව තියෙනවා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment