SLT-MOBITEL සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විවෘත කරයි

98

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් කටාන පොත්තොඩේ ප්‍රදේශයේ බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණි.

SLT-MOBITEL සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින අක්කර 04කින් යුත් භූමියක මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. දැනට මෙම මධ්‍යස්ථානය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර, ඉන් එක් කොටසක (අක්කර 2) නිලධාරී නිල නිවාසද, අනෙක් කොටසෙහි (පර්චස් 40) විශාල ක්‍රීඩා පිටියක්ද ඉදිකර තිබේ. එමෙන්ම සුළු සේවකයන් සඳහා මෙහි අක්කර 1.75 ක ප්‍රදේශයක නිල නිවාස ඉදිකර ඇත. මීට පෙර මෙම ස්ථානය SLT නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ලෙස මෙන්ම COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද භාවිතා විය.


advertistmentadvertistment