බල, නැණ, පින, ගෙනදෙන එක, පහ, නවය

783

ඕං නමඃ ශිවාය ඕං ගනේෂාය නමඃ

ලග්නයෙන් ආත්මීය බලය ද, ගුණාංගයන් ද, පස්වැන්නෙන් දැනුම, බුද්ධිය හා ක්‍රියාකාරි බවද, නවවැන්නේ තත්ත්වයෙන් මිනිසකු සතු ප්‍රභාව ද වාසනාවන්ත බවද, පිළිබිඹු කරන අතර එය මෙලොව තුළ පතුරාලීමේ වාසනාව හා බුද්ධිමය මෙහෙයැවීම විiාව, ප්‍රඥාව යන කරුණු සමග සංකලනය කොට ශුභ සිද්ධිය සඳහා ලොවට ඉදිරිපත් කරවීම හා පවත්වාගෙන යෑම යන කරුණු පිළිබඳව පස්වැන්න දායක වෙද්දී එම ස්ථාන දෙක තුළින් ඉස්මතු කරවනු ලබන කුසලතාවයන්ගේ ක්‍රියාකාරීත්වය වඩාත් දීප්තිමත් කරවමින් මිනිසකු සතු ගුණය, දැනුම, වාසනාව හා ඒ මත ගොඩනැඟෙන යහපත් වූ බලය තුළ ජීවිත දීප්තිමත් කරලීමේ තත්ත්වයද, ඒ සඳහා බාහිර සියල්ලන්ගේ උපකාරයද, එකඟතාවයද, ලබාදෙන නවවැන්න හා එහි බලයලත් ඒකරාශි වී හෝ සංයෝග වී හෝ වෙන වෙනම හෝ කේන්ද්‍රියක එක, පහ, නවය යන ස්ථානාධිපතීන් එම ස්ථානයන්හිම හෝ බලවත්ව සිටියදී උපත ලද ජන්මියකුගේ ජීවිතය තුළ පවත්නා ක්‍රියාකාරීත්වය ඉතාමත් වාසනාවන්ත ලෙස හසුරුවනු ලබන්නේ සූර්යාලෝකය ලැබීමෙන් ලෝකයම ආලෝකවත් කරන්නා සේය.

මේ ජන්ම කේන්ද්‍රියක ත්‍රිකෝණ බලයයි.

එක, පහ, නවය මේ තැන්වල අධිපතියන් එක්ව සිටීම, ඔවුනොවුනගේ ශුභ දෘෂ්ටි හා බලවත්වීම කෙනකුගේ ජීවිතය සමෘද්ධිමත් වීමට හේතුවනු ලබන බව ශාස්ත්‍රීමය සිද්ධාන්තයක් විසින් අපට පෙන්වා දේ. ලග්නාධිපතියත් පහ අධිපතියාත් නවය අධිපතියාත් නිරතුරුවම යම් ජන්මියකුට යහපතක්ම සකස් කරවනු ලබන අතර මෙම තිදෙනා ඒකරාශ වීම හෝ සංයෝගය තුළින් යහපත් ප්‍රතිඵල අධික වශයෙන් ලබාදෙන බව පෙන්වයි. ත්‍රිකෝණ බලය ලග්නයෙන් පමණක් නොව කේන්ද්‍රයක ඒ ඒ ස්ථාන අනුකූලව ද යෙදෙනු ඇත්තේය.

එක, පහ, නවය ලග්න ත්‍රිකෝණය වශයෙන් ද දෙක, හය, දහය ධන ත්‍රිකෝණය වශයෙන් ද තුන, හත, එකොළහ විවාහ ත්‍රිකෝණ වශයෙන් ද පහ, නවය, එක විiා ත්‍රිකෝණය ලෙසද, නවය, පහ, එක යන තැන් භාග්‍ය ත්‍රිකෝණය වශයෙන් ද දැක්වේ. මෙසේම කේන්ද්‍රයක සියලු ස්ථාන සම්බන්ධයෙන් ත්‍රිකෝණ බලය ක්‍රියාත්මක වනු ඇත්තේය. ඒ ඒ ස්ථානයන්ට අනුරූපව ත්‍රිකෝණ බලය ක්‍රියාත්මක වේ.

කටක, වෘශ්චික, මීන යන රාශී ත්‍රිත්වයට සඳු, කුජ, ගරු සංයෝගය ද, සිංහ, ධනු, මේෂ රාශීන්ට කුජ, රවි, ගුරු, සංයෝගය ද ඉතාමත් වැදගත් වනු ලබන අතර ඒ ඒ ත්‍රිකෝණාධිපතියන් ඒ තැන්වල එක්ව යෙදීම හේතුවෙන් එම ජන්මීන්ගේ තත්ත්වය බුද්ධියෙන් ද, බලයෙන් ද, ධනයෙන් ද, වාසනා ගුණයෙන් ද ආඪ්‍ය කරවන තත්ත්වයකට පත් කරවනු ඇත්තේය.

වෘෂභ, කන්‍යා, මකර යන රාශීන්හිදී ශනි ශුක්‍ර බුධ සංයෝගය ඒ ඒ අධිපතිත්වය මත ඒ ඒ තැන්වල යෙදීමෙන් ද, මීන, තුලා, කුම්භ යන රාශීන්ට ශනි, ශුක්‍ර, බුධ එකට යෙදීම ද ශුභ ඵල අධික කරවනු ලබන්නේය. නිරතුරුවම නැතත් කලාතුරකින් යෙදෙන මෙම යෝග තත්ත්වයන් මත ඒවා බලවත් ගණයේ යෝග වශයෙන්ද, බොහෝ දෙනා වසඟයට ගත හැකි වශී යෝග බලයක් ඒ ඒ ජන්මීන්ට පිහිටන බවක් ද පෙන්වයි. එමෙන්ම ඒවා යම් යම් විටෙක රාජයෝග වශයෙන් ද ඉදිරිපත් වනු ඇත. විශේෂයෙන් ලග්නය පහ, නවය අධිපතිත්වය මත යෙදෙන මෙම යෝගවලදී එම තත්ත්වයට කාරක වන ග්‍රහයන් තිදෙනාටම ක්‍ෂේත්‍ර බලයක් හිමි නොවන නමුත් බොහෝවිට ඉන් එක් ග්‍රහයකුට හෝ දෙදෙනකුට ක්‍ෂේත්‍ර බල උරුම වීමේ තත්ත්වය මත ඒ ඒ භාවයන්ට හිමි කාරකත්වය ඉතා යහපත් ලෙසින් වඩාත් උරුම කර දේ. මෙම තත්වය ලග්නයේ යෙදීමෙන් ජන්මියාගේ තේජවන්ත බව අධික ලෙසින් ප්‍රකාශ කරවීමෙන් පාලනය, දැනුම, ආත්ම සංයමය, වාසනාව හා වාසනාව මත පිහිටනු ලබන ගුණාංග හා කුසලතා ප්‍රකට කරවීමත් ඉතා හොඳින් ඉස්මතු කර දේ.

කන්‍යා ලග්නයෙන් උපත ලද අනගාරික ධර්මපාලතුමාගේ කේන්ද්‍රයේ ලග්නගතව පහ, නවය අධිපති වශයෙන් බුධ, ශනි, ශුක්‍ර යන ග්‍රහයන් සමග ලග්නාධිපති වූ බුධ බලවත්ව මෙහිදී බුධ ට දහය අධිපතිත්වය ද හිමිව යෙදුන මෙම යෝග බලයෙන් ස්වකීය ධර්ම ඥානය මෙන්ම වාග් චාතුර්යය ද සෘජු බව ද ලෝකයා අවනත කර ගැනීමේ හැකියාව ද, අභීත වූ දහම් මෙහෙවරක පුරෝගාමියකු කරවීමේ තත්ත්වයකට ද තම නාමය හා බලය ප්‍රකට කරවීමේ තත්ත්වයට ද හේතුවක් වූ බව පෙන්වා දේ. මෙහිදී ලග්නයේ යෙදුණ භද්‍ර යෝගය ද මෙම තත්ත්වය වඩාත්ම වේගවත් කරවීමට හේතුවක් වූයේය. බෙරළුගොඩ සිංහයා නමින් හඳුන්වනු ලැබූ පිලිප් ගුණවර්ධන මහතා ද තුලාවෙන් ඉපිද ත්‍රිකෝණාධිපතියන් වූ ශනි, බුධ, ශුක්‍ර තුන්වැන්නේ යෙදීමෙන් සහජත්වය හා වික්‍රමවන්ත බව උරුමයට දී සමාජමය හා දේශපාපලනික වශයෙන් හෙතෙම බලවත් තත්ත්වයකට පත්කර වූයේය. ලෝක ප්‍රසිද්ධ බවට පත් මාරි කියුරි මහත්මිය ද කුම්භ ලග්නයෙන් ඉපදී දශවැන්නේ යෙදුන එක, පහ, නවය අධිපති සංයෝගය (ශනි, බුධ, ශුක්‍ර යෝග) තුළ ඇය බලවත් බවට පත්කොට නොබෙල් ත්‍යාගය ලැබීමේ භාග්‍යය ද උදාකර දුන්නේය. ඇමරිකානු ජනාධිපතිවරයකු වූ ලින්ඩන් ජොන්සන් මහතාගේ ලග්නය සිංහය වී එක, පහ, නවය, රවි, ගුරු, කුජ ලග්නගතව රාජ යෝග බලයක් එතුමාට ලබාදුන් බව පෙන්වයි.

මහාචාර්ය ජී. පී. මලලසේකර දෙවැන්නේ බුධ, ශනි, ශුක්‍ර යෝගය යෙදී තුලාවෙන් උපත ලබා දැනුම ධනය වශයෙන් ද ධනය දැනුම ලෙස සලකා ධනය දැනුම බව ඔප්පු කරවමින් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය තුළින් විශේෂ වූ ජාතික මෙහෙවරකට ලක්වීමෙන් ගෞරවනීය තත්ත්වයකට පත්වූයේය. එසේම උපන් කේන්ද්‍රයේ මෙම ග්‍රහයන් තිදෙනා ඒ ඒ ස්ථානවල එනම් එක, පහ, නවය අධිපතියන් ඒ ඒ තැන්වලම ක්‍ෂේත්‍ර බලයෙන් යුක්ත වූයේ නම් මෙයටත් වඩා බලයක් ගෙනදෙන බව පෙන්වයි. එහෙත් එසේ යෙදෙනුයේ ඉතාමත් කලාතුරකින්ය. සැප, සම්පත්, දැනුම, වාසනාව, නිස්කලංක බව සමග අභිවෘද්ධිය ද මෙයින් උදාකර දෙනු ඇත්තේය. එසේම මෙයින් යමකුගේ ආධ්‍යාත්මික ගුණය වර්ධනය කිරීමේ විශේෂ බලයක් උදාකරවනු ඇත. බොහෝවිට මෙබඳු තත්ත්වයේ යෙදෙනුයේ ඉතාම අල්ප ලෙසිනි. ඇතැම් විට පහ එක, එක නවය, නවය පහ, නවය එක, සංයෝගයන් බහුල වශයෙන් යෙදීමේ ඉඩකඩ ඇති අතර එක, පහ, නවය යන ස්ථාන තුනම සම්පූර්ණ වන අවස්ථා ද යෙදෙනුයේ ඉතාමත්ම කලාතුරකිනි.

එසේම එක, පහ, නවය ඔවුනොවුනට ශුභ දෘෂ්ටි සහිත වීමේ බලය ද කේන්ද්‍රයක හෝ ජීවිතයක ජය මෙන්ම සශ්‍රීක බව වර්ධනය කරයි.

දසවැන්නාධිපතියා පහ, නවය අධිපතියන්ගේ දෘෂ්ටියට ලක්ව සිටීම ද රැකියා තත්ත්ව මෙන්ම සමාජ තත්ත්වය මෙන්ම උසස් බව ගෙන දීමට ද නිරවුල් ජීවන තත්ත්වයක් මතුකර දීමට ද හේතුවක් කරවන්නේය. කෙසේ නමුදු එක නවය, පහ නවය, දහය නවය, නවය පහ සංයෝගයන් ද වාසනාව වෙත වාසනාවන්ත ලෙස ජීවිතය ගෙන යෑමට විශේෂ හේතුවක්ම වන බැව් ද සඳහන් කළ යුතුම වේ.

හේලී ජ්‍යොතිෂඥ
කාව්‍යශ්‍රී බී.එස්.යූ.කේ. දිසානායක
දු.අංකය – 0785616120

advertistmentadvertistment
advertistmentadvertistment