සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් සුවිසල් ඉදිරි පියවරක් තබයි

86

දිස්ත්‍රික් තුනක වැව් 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගිවිසුම් ගතවෙයි

අතීත උරුමයන් අනාගත පරපුර වෙත සුරැකිව දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම උදෙසා වන සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය.

ඒ අභාවයට යමින් පවතින කොහොඹගස්වැව, කුඹුරුපිටිය හා ලේනදිවුල්වැව යන වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අදාල ගොවි සංවිධානයන් සමඟ ගිවිසුම්වලට එළඹෙමිනි. බැංකු ඉතිහාසය තුළ දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් මේ ආකාරයේ වාරි පද්ධතීන් තුනක් එකම දිනයකදී ප්‍රතිසංස්කරණයට ලක් කිරීම සඳහා කටයුතු කරනුයේ ප්‍රථම වරට වීමද විශේෂත්වයකි.

සමාජ සත්කාරක වැඩසටහන් හරහා ශ්‍රී ලාංකේය ජනතාවට වඩා වැඩි සේවාවක් ලබා දීම සඳහා වන සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියගේ දිරිගැන්වීමද මෙම සුවිසල් ඉදිරි පියවරෙහි වැදගත් සාධකයක් විය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ ගොවි සමිති නිලධාරියකු විසින් වැව් ප්‍රතිසංස්කරණය සඳහා වන ගිවිසුම් අත්සන් කරන අයුරු. සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ ගොවි සමිති නියෝජිතයකුද පසෙකින් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment