Sun Siyam Pasikudah මව්පිය සෙනෙහස අහිමි අලි පැටවෙකුගේ රැකවරණය වෙනුවෙන් CarePhant ව්‍යාපෘතියක් අරඹයි

32

Sun Siyam Resorts සමූහයට අයත් Sun Siyam Pasikudah හෝටලය විසින් උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින කාලෝ නමැති අලි පැටවා රැකබලා ගැනීම සඳහා CarePhant නමින් නව ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී.

ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් Sun Siyam Pasikudah හෝටලය ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජෛව විවිධත්ව සංරක්ෂණයට දායකවීම සහ වගකීම් සහගත සංචාරක කර්මාන්තය භාවිතාවන් අනුගමනය කිරීමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණු වැව වනාන්තර ආසන්න ප්‍රදේශයක පිහිටි අත්හැර දමන ලද ළිඳකට වැටී සිටියදී මුදාගන්නා ලද කාලෝ අලි පැටවාට අවශ්‍ය සියලු රැකවරණ පහසුකම් සැලසීමට මෙම ව්‍යාපෘතිය යටතේ Sun Siyam Pasikudah කටයුතු කරයි.

ඉකුත් මැයි අට වැනිදා සිට Sun Siyam Pasikudah හෝටලය කාලෝ අලි පැටවාගේ රැකවරණය වෙනුවනේ සම්පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූ අතර කාලෝ නැවත ආරක්ෂිතව වනාන්තරගත වනතුරු එම අනුග්‍රහය හිමිවනු ඇත. ව්‍යාපෘතිය යටතේ අලි පැටවාගේ රැකවරණය වෙනුවෙන් මාසිකව රුපියල් 65,000ක (අමෙරිකානු ඩොලර් 200) මුදලක් වැයවන අතර ඒ සඳහා Sun Siyam Care අරමුදල දායකත්වය සපයයි. CarePhant ව්‍යාපෘතිය යටතේ කාලෝ අලි පැටවාගේ මුදාගැනීමේ ක්‍රියාවලියේ සිට ඇත් අතුරු සෙවණට ගෙන ඒම දක්වා විවිධ අවස්ථා මෙන්ම වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ඇත් අතුරු සෙවණ සිදුකරන විශිෂ්ට කාර්යභාරය එහි පැමිණෙන මහජනතාවට ප්‍රදර්ශනය කිරීමටද පියවර ගෙන තිබෙන බව එහි සාමාන්‍යාධිකාරි අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේය.

මෙම CarePhant ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ඉලක්ක අංක 15 වන ගොඩබිම සිටින ජීවීන්ගේ ආරක්ෂාව සමග හොඳින් සමපාත වෙනවා. ඒ අනුව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට Sun Siyam Pasikudah හෝටලයේ කැපවීමත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරයට දක්වන සහයත් ඉන් පෙන්නුම් කෙරෙනවා. මේ හරහා වනජීවී සංරක්ෂණයේ වැදගත්කම සහ අපගේ ස්වාභාවික උරුමයන් රැකගැනීම වෙනුවෙන් අපි සියලුදෙනා සතු කාර්යභාරය පිළිබඳව අපගේ පාරිභෝගිකයන් වගේම පොදු ජනතාවත් දැනුවත් කිරීම අපේ අරමුණයි යනුවෙන් Sun Siyam Resorts හි තිරසර ව්‍යාපෘති කළමනාකරු උපුල් කුමාර මහතා විස්තර කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment