World Junior Tourisum Ambassador Sri lanka 2025 Crown Princess ලෙස පසුගියදා අභිසෙස් ලැබූ තිතුළු කත්‍ය හඳපාන්ගොඩ මෙම වසරේ ජුනි මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැත්වෙන World Junior Tourisum Ambassador තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට අවස්ථාව හිමි කරගෙන ඇත. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන ඇය පාසල් කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායම නියෝජනය කරන අතර පාසල් නාට්‍ය රංගන කටයුතුවලටත් බාලදක්‍ෂිකාවක් ලෙසත් කටයුතු කරයි. කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් බැලේ නර්තනය ප්‍රගුණ කරන ඇය පියානෝ වාදනය කෙරෙහි ද විශේෂ දක්‍ෂතා දක්වයි. තිතුළු හඳපාන්ගොඩ මේ වනවිට World Junior Tourisum Ambassador හි ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්‍ෂිකා වන කත්චි ඒකනායක මහත්මිය යටතේ ජුනි මස සහභාගි වීමට නියමිත අන්තර්ජාතික තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටී.
|