කොරෝනාවට මැදි වුණ – හොරා අංකල්
වේදිකාව” සිනමාව වගේම ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට පැමිණි සමන් අලංකාර තවත් විටෙක නිෂ්පාදකවරයෙකි. අලංකාර ෆිල්ම්ස් වෙනුවෙන් දේශබන්ධු සමන් අලංකාර සහ ආචාර්ය සුමින්ද ලෝව් නිෂ්පාදනය කළ හර්ෂණ වික්‍රමසිංහ අධ්යක්ෂණයට කළ ‘හොරා අංකල්. චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දා කළම්ඹු සිටි සෙන්ටර් හි පිහිටි ස්කෝප් සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී අපි සමන් සමග මෙසේ සංවාදයක යෙදුණා.
● ‘හොරා අංකල්. ළඟදීම තිරගත කරන්නද සූදානම?
ඔව්” එළැඹෙන දෙසැම්බර් මාසයට කලින් තිරගත කරන්නයි සූදානම් වෙන්නෙ. මේක අද කාලයේ දරුවන්ගේ ආතතියට යම් සහනයක් වගේම දෙමව්පියන්ට යම් පණිවුඩයක් ලබාදෙන්න පුළුවන් හොඳ නිර්මාණයක් හැටියට හඳුන්වන්න පුළුවන්.
● මේ නිර්මාණයට ප්‍රවීණ සහ ජනප්‍රිය නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා?
පිටපතට අනුව නිර්මාණයේ චරිතවලට ගැලපෙනම නළු නිළියන් තෝරා ගන්න තමයි අපි නිතරම උත්සාහ කළේ. මුදල් පැත්ත බැලුවේම නැහැ. ඒ අනුව මේ චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් නළු නිළියන් පිරිසක් තමයි එකතුකර ගත්තෙ.
● මේ ළමුන් ඉලක්ක කර තැනූ චිත්‍රපටයක්ද?
ඇත්තටම මේ නිර්මාණය කළේ දෙමාපියන් ඉලක්ක කරගෙන. මොකද අද කාලේ දෙමවුපියන් තමයි දරුවන්ගේ මනස වෙනස් කරන්නෙ. එහෙම කරන්න එපා. දරුවන්ට ඔවුන්ගේ ලෝකය ලබා දෙන්න. සමාජයේ සියලුම දෙනා මනුෂ්‍යයෝ කියන හැඟීම
ඇතිකරගන්න කියන පණිවුඩය තමයි හොරා අංකල් සිනමා නිර්මාණයෙන් ලබා දෙන්නෙ. මේක දරුවන්ට තමයි වඩාත් සුදුසු. නමුත් මෙහි අර්ථය දෙමාපියන්ට වැදගත්.
● ෂූටිං කළේ කොහේද?
කොළඹ අවට සහ ලංකාගම තමයි රූගතකිරීම් සිදු කළේ.
● මේ කාලයේ චිත්‍රපටයක් රූගත කිරීම අභියෝගයක්?
ඔව්” ඒක ඇත්ත. ලොකු තරගයක් තිබෙනවා. මට අමතරව මේ සඳහා සුමින්ද ලෝ නිෂ්පාදනයෙන් දායක වුණා. මේක අපි හැමෝටම අමාරු කාලයක්.
● මණ්ඩලවලින් ලැබුණෙ මොන වගේ ප්රතිචාරයක්ද?
ඇත්තටම ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. හැමෝම කිව්වේ දරුවන්ට පෙන්නන්න පුළුවන් හොඳ වැඩක් කියල. ඒ ප්‍රතිචාර එක්ක මම හිතපු දේ ඉෂ්ඨ වුණා කියල හිතනවා.
● ලංකාවේ චිත්‍රපටයකට ආයෝජනය කරන මුදල නැවත සොයා ගැනීම දුෂ්කරයි කියල කතාවක් තියෙනව. ඔබ මේ අභියෝගය ජයගන්න සූදානම්ද?
අපි ඒ සඳහා මුහුණ දෙන්න සූදානම්. ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා.
● PLEASING THORNS චිත්‍රපටයේ වැඩකටයුතු කොහොමද?
මේ වන විට එහි රූගතකිරීම් සියල්ල අවසන් කරලයි තියෙන්නෙ. දැනට එහි පසු නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. එළැඹෙන අගෝස්තු මාසයේ මේ චිත්‍රපටයේ මණ්ඩල සහ මාධ්‍ය දර්ශනය එකට කරන්න සූදානමක් තියෙනවා.
● හොරා අංකල් නළු නිළි පිරිස?
මහේන්ද්‍ර පෙරේරා” කුමාර තිරිමාදුර” ජනක කුඹුකගේ” අනුරුද්ධිකා පාදුක්කගේ” උමයංගනා වික්‍රමසිංහ” දුලානි අනුරාධා” රයන් වැන්රෝයි” දයා වයමන්” දොන් ගයි වගේම මමත් රංගනයෙන් දායක වෙනවා.
● මේ සඳහා නවක අධ්යක්ෂවරයෙක් යොදා ගත්තේ ඇයි?
මම ඔහු ගැන විශ්වාසය තියලයි මේ කටයුත්ත ආරම්භ කළේ. ඒ වගේම ඔහු ඔහුගේ කාර්යය නිසියාකාරව කළා කියල මම හිතනවා.
● පිටපත් කීයක් තිරගත වෙනවාද?
දැනට පිටපත් හතළිස් පහක් පමණ තිරගත කරන්න තමයි සූදානමින් ඉන්නෙ.
● හොරා අංකල් නිර්මාණයේදී මුහුණ දුන් අභියෝග?
අභියා්ග නම් දැවැන්තයි. මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. ඒ තරම් අසීරු අවස්ථාවන්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම නවක නිෂ්පාදකවරයෙක් හැටියට මාව විශ්වාස නොකරන මට්ටමක් තිබුණේ. අපිට හැමෝගෙන්ම අභියෝග ආවා. මොකද මෙහි නිෂ්පාදකවරයා වගේම අධ්යක්ෂවරයාත් නවකයෙක්. ගැටලු ඇති වුණ තැන් ගැන කතා කළොත් ගොඩක් අයගේ නම් කියන්න සිද්ධ වෙනවා.
● චිත්‍රපටය නිර්මාණය කරලා බොහෝ කාලයක් වෙනවා?
ඔව්” කොරෝනා වසංගතය තමයි අපිට ලොකුම බලපෑම සිද්ධ කළේ. ඒක නිසා මාස දහ අටක් පමණ වැඩ කරගන්න බැරිම තත්ත්වයත් තිබුණා. ඇත්තටම කිව්වොත් හොරා අන්කල්ට කොරෝනා වසංගතය දරුණු ප්‍රහාරයක් එල්ල කළා.
● කොහොමද රංගන වැඩකටයුතු?
මේ දවස්වල මූලිකත්වය දුන්නේ PLEASING THORNS සිනමා නිර්මාණයට. ඊළඟට අපි සැලසුම් කරල තියෙන්නෙ 2024 හය වැනි මාසය වන විට ඉතාලිය” ප්‍රංශය සහ ඇමරිකාව එකතුකරලා නිර්මාණයක් කරන්න.
මහේෂ් එදිරිසිංහ