අතපය බැද රෙද්දක එතූ පිරිමි මළ සිරුරක් සංගුපිටිය මුහුදෙන් හමුවෙයි

264

නයිලොන් ලණුවකින් අතපය බැ`ද පොලිතීන් රෙද්දක ඔතන ලද පිරිමි මළ සිරුරක් කිළිනොච්චිය පුනරීන් සංගුපිටිය මුහුදේ තිබී පොලීසිය විසින් 28 දා සොයා ගෙන තිබේ.

කිළිනොච්චිය අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය වන සතීස්කුමාර් විජයරාණී මහත්මිය විසින් එම මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය පුද්ගලයා හ`දුනා ගැනීමටත් සිද්ධිය පිළිබ`දව විමර්ශනය කොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පුනරීන් පොලිසියට නියෝග කොට තිබේ.

ඒ අනුව පොලීසිය විසින් අදාළ මළ සිරුර පරීක්ෂණ කටයුතු ස`දහා කිළිනොච්චිය රෝහලට බාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

පොලීසිය විශ්වාස කරන්නේ මෙම පුද්ගලයා ඝාතනය කොට ඔහුගේ මළ සිරුර පොලිතීන් රෙද්දක ඔතා ලණු වලින් ගැට ගසා මුහුදට විසි කරන්නට ඇති බවයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment