රජය තුළ අභ්‍යන්තර ගැටලු
විපක්‍ෂය එකට
මෙතෙක් මීන රාශියේ සිටි රාහු ග්‍රහයා තමාගේ මූල ත්‍රිකෝණ රාශියක් වන ශනිට අයත් කුම්භ රාශියට 2025.05.18 ප.ව. 7.33 ට ගෝචර වේ. (එය ලංකා පංචාංග ලිතට අනුකූල වෙයි.) එතැන් සිට 2026.12.05 තෙක් කුම්භ රාශිය තුළ රැඳී සිටී. වායෝ භූත තිර රාශියක් වන කුම්භ රාශියට ගෝචර වීම රටට කෙසේ දැයි අප බලමු. මෙහිදී තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නයත්, මකර නවාංශකයත් උදාව පවතී. එහිදී සිව්වැන්නේ සඳු, රාහු ද පස්වැන්නේ 22 දෙර්කානාධිපති සමග සිකුරු ද, හයවැන්නේ බුධ ද, හත්වැන්නේ රවි ද, අටවැන්නේ ගුරු ද, නවවැන්නේ ලග්නාධිපතිට අයත් කුජ ද, දසවැන්නේ කේතු ද ගමන් ගෙන තිබුණි.
මෙදින සියාවස නැකත පවතින අතර සියාවස නැකත වනාහි රක්ත වර්ණ, නපුංසක ලිංග, ඌර්ධව මුඛ තාරකා 100කින් යුත් නැකතකි. එමෙන්ම අව අටවක තිථිය ද, මහේන්ද්‍ර යෝගය ද, කෞලවකරණය ද, ගුරු හෝරාව ද, ගුරුගේ ම පංචම කාල හෝරාව ද, රවිගේ සූක්ෂමය ද එදින පවතී. රාහු සහ කේතු අභිරහස් ගුප්ත ග්‍රහයන් ලෙස සැලකේ. මෙම ග්‍රහයන් මහජනතාවට මහත් බලපෑම් ඇති කරන ග්‍රහයන්ය. සැඩ පරුෂ බව, කුලහීන බව, සොරකම්, මංකොල්ලකෑම් ආදී නොයෙක් සැහැසිකම් රාහු විසින් නිවේදනය කරයි. සර්ප වර්ගයට අයත් රාහු මෙසේ තමාගේ මූල ත්‍රිකෝණ රාශියේ හෙවත් තමාගේ නිවහනට යෑම ලෙස ද හැඳින්වේ. රාහු තමා සිටින රාශිය නොදකින උඩ බලා සිටින ග්‍රහයෙකි. රාහුගේ ගුණය ශනිගේ ගුණයට සමාන අවස්ථා තිබේ.
තත්කාල කේන්ද්‍ර සටහන තුළ දුකට අධිපති ශනි 22 දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත කම්කරු, පීඩිත, දුගී අසරණ ජනතාවට යහපත් නොමැති බව ද සඳහන් කළ හැක. කම්කරු, සෞඛ්‍ය උද්ඝෝෂණ ප්‍රබලව දැක ගතහැක. එමෙන්ම හෝරාව අධිපති ගුරු අටවැන්න තුළ ගමන් කිරීම හේතුවෙන් ආර්ථික ගැටලු ඇති වන බවක් ද පෙනෙන්නට හැකි අතර ආගමික නායකයන් වහන්සේලාට යහපත් නැත. සඳු ග්‍රහයා දැඩි ලෙස පීඩාවීම මත ජනතා සිතුම් පැතුම් ආවේගශීලී වීමට පවා ඉඩ තිබේ.
රජය තුළ අභ්‍යන්තර ගැටලු, කුමන්ත්‍රණ ඇති වන බවක් ද පෙනේ. රාහු ගෝචරයත් සමග විසිරී ගිය විපක්ෂ කණ්ඩායම් එකට එකතු වීමක් ද පෙන්නුම් කරයි. ප්‍රබල වෛරස් රෝග මෙරටට එන බවක් ද පෙනෙන්නට තිබේ.
මෙයට අමතරව ප්‍රවාහන, විදුලි සංදේශ, ප්‍රවෘත්ති පත්‍ර, දුම්රිය යන අංශවල ගැටලු ඇති වන බවක් ද පෙනෙන්නට තිබේ. අධ්‍යාපනයේ යෙදී සිටී දරුවන්ට යහපත් නැත. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ කාලසර්ප යෝගය ද පවතී. එය රටට අයපත් ප්‍රතිඵල උදා කරන පිහිටීමක් ද වේ.
ඒ අනුව රාහුගේ කුම්භ රාශි ගමන ලග්න 12ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රයේ එකොළොස්වැන්න තුළ රාහු ගෝචර වේ. ලොතරැයි වාසනා, හදිසි මුදල් වාසනා ලැබීමට ඉඩ තිබේ.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ දහවැන්න තුළ රාහු මාරු වේ. රැකියාවේ ගැටලු, අර්බුද පැන නැඟීමට පිළිවන. විදෙස් ගතවීමට යෝග්‍ය කාලයකි.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ නවවැන්න තුළ රාහු ගෝචර වේ. හදිසි විදෙස් ගමන් සඳහා භාග්‍ය ඇති කරයි.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ගේ අටවැන්න තුළ රාහු ගෝචර වේ. මානසික පීඩා, විස සතුන්ගෙන් හානි ඇතිවන බවක් ද පෙනේ. එමෙන්ම නඩු හබ ඇති කරයි. හදිසි අනතුරු ද ඇති කරයි.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත්වෙනි භාවය තුළ රාහු ගෝචර වේ. හවුල් ව්‍යාපාර ගැටලු, අඹු සැමි ගැටලු ඇති වන බවක්ද පෙන්නුම් කරයි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ හය වැන්න තුළ රාහු ගෝචර වේ. සතුරන් මර්දනය වේ. උසස් තනතුරු හිමි වේ.
තුලා ලග්නය
තුලා ලග්න ඔබගේ පස්වැන්න තුළ රාහු ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව ඇති කරයි. උදරගත අසනීප ඇති කරනු ලබයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියනගේ හතරවෙනි භාවය තුළ රාහු ගෝචර වේ. භූමිය සම්බන්ධ ගැටලු ඇති වන බවක් ද පෙනේ. එමෙන්ම පදිංචියේ වෙනසක් ද ඇති කරයි.
ධනු ලග්නය
ධනු ලග්න හිමියන්ගේ තුන්වෙනි භාවය තුළ රාහු ගෝචර වේ. ලැබීම් අතින් යහපත්ය. නව ව්‍යාපාර ආරම්භයට යහපත් කාලයකි.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ගේ දෙවෙනි භාවය තුළ රාහු ගෝචර වේ. ඔබගේ වචන නිසා ළඟ සිටි අය දුරස් වීම් පවා පෙන්නුම් කරයි. අක්ෂි ආබාධ ඇති කරයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ ලග්නගතව රාහු ගෝචර වේ. මානසික පීඩා, කලකිරීම් ඇති විය හැකි කාලයකි.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි භාවය තුළ රාහු ගෝචර වේ. හදිසි රෝහල්ගත වීම්වලට පවා ඉඩ පවතී. මිතුරෝ සතුරෝ වෙති. ගම හැර යෑමට බොහෝ ඉඩ තිබේ.
ඔබගේ කේන්ද්‍රය තුළ රාහු දුබලව පිහිටා තිබේ නම් (ගෝචරයෙන් වුවද දුබලව පිහිටා තිබේ නම්) දවසේ රාහු කාලය තුළදී බෝධි පූජා සිදු කරන්න. මෙයට අමතරව නිල් මල්, වැටකෙයියා මල් හෝ කොළ, අගිල් මුසු සුවඳ පූජා කරන්න.
රජය සහ මහජනතාව තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමෙන් දාන, ශීල, භාවනා ආදියෙහි නිරත වීමෙන් ඉවසීමෙන් යුතුව අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතුව බෝධි පූජා, බුද්ධ පූජා කිරීමෙන් ඉහත කරුණුවලින් මිදී යහපත උදාකර ගතහැක.
ආචාර්ය පී.කේ. තරංග කුමාර
සමස්ථ ලංකා වෘත්තීය ජ්‍යොතිෂ වේදීන්ගේ සංගමයේ ලේකම්
විමසීම් – 0777 962658