බස්නාහිර 30ට වැඩි අයට සයිනොෆාම් විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී

188


අද සිට බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී ලබාදීමට නියමිතය.

යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින් මෙම එන්නත් ලබාදීම සිදුකරන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛණයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන ඒම තුළින් මෙම ස්ථානයෙන් එන්නත්කරණ කටයුතු සිදුකරගැනීමේ හැකියාව පවතී.

මේ අතර යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලැබූ බත්තරමුල්ල දියත උයනේ එන්නත්කරණ මධ්‍යස්ථානය අද සිට ලබන 19 වැනිදා දක්වා තාවකාලිකව ක්‍රියාත්මක නොවන බව යුද හමුදාව පවසයි.


advertistmentadvertistment