එන්නත් දෙකම ගත් සංචාරකයින්ට ලංකාවට එන්න අවසර

218


කොරෝනා එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ පළමු දිනයේ සිදුකරන ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුනට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමි වන බව සංචාරක අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් එම සංචාරකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ හත්වැනි දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව සඳහන් කරයි.

එසේම සියලුම සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගතවීමට පැය 72 ට පෙර ලබාගත් පීසීආර් පරීක්ෂණයකින් ආසාදිත නොවූවකු බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment