වසර පහකට පසු වැඩිම සංචාරකයන් පිරිසක් ලංකාවට ආවේ ගිය වසරේ ප්‍රමාණය 2,053,465 ක්

35

වසර පහකට පසු ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය වාර්තා කරමින් 2024 වසර තුළ විදේශ සංචාරකයන් 2,053,465ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මීට පෙර 2018 වසරේදී මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරකයන් ප්‍රමාණය වාර්තා වූ අතර එම ප්‍රමාණය 2333796 ක් විය. 2023 වසරේ මෙරටට 1487303 ක විදේශ සංචාරක පිරිසක් පැමිණ තිබූ අතර එම ප්‍රමාණය හා සැසඳීමේදී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 7කට ආසන්න වර්ධනයක් සිදුව තිබීම විශේෂත්වයකි.

තවද 2018 වසරින් පසු එක් මසක වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා කරමින් 2024 දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් 248,592ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 2024 දෙසැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 52,881 කි. මීට අමතරව රුසියාවෙන් 35,268ක්, එක්සත් රාජධානියෙන් 18,757ක්, ජර්මනියෙන් 14,703ක් ලෙස දෙසැම්බර් මාසයේ වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment