සා. පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ලබන 21 සිට 31 දක්වා

13

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2024 (2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 21 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අපේක්ෂකයන් එක්ලක්ෂ හැත්තෑ එක්දහස් සියදෙනකු (171,100) සඳහා දිවයින පුරා පරීක්ෂක මණ්ඩල 1228කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.

සංගීතය (අපරදිග) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණය මැයි 25 වැනිදා එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වේ.

40 – සංගීතය (පෙරදිග), 42 – සංගීතය (කර්ණාටක), 45 – නැටුම් (භරත), 51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ), 41 – සංගීතය (අපරදිග), 44 – නැටුම් (දේශීය), 50 – නාට්‍ය හා රංග කලාව (සිංහල), 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) සඳහන් විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි කරගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන බව දැනුම් දී ඇත.

ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදුනොකරන බව සඳහන් වේ.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment