සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි මුල් මාස නවය සඳහා ආදායම රු. බි. 45- 5ක් දක්වා ඉහළට

18

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය(9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6-7%ක වර්ධනයකි.

සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ 31-1% හා සැසඳීමේදී 30-8%ක් විය- මූලික වශයෙන් පාරිභෝගික සන්නාම අංශයේ ලාභ ආන්තිකයේ පහළ යාම සහ කෘෂි ව්‍යාපාර අංශයේ ඉහළ බදු හේතුවෙන් අදාල කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාභය (PAT) 14-1%කින් අඩු වී රුපියල් බිලියන 4.7 ක් වී ඇත.

සමූහය ලබා ගත් ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 54-9% කි- මේ අතර පාරිභෝගික අංශය 31-8% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 13-3% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “සමූහයේ සෑම ප්‍රධාන අංශයක්ම හරහා අඛණ්ඩව ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා- ආර්ථිකය යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති අතර ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇති නමුත්, විශේෂයෙන්ම පාරිභෝගික අංශය තුළ පවත්නා මූල්‍ය දුෂ්කරතා තවමත් පාරිභෝගිකයින්ගේ වියදම් කිරීමේ හැකියාවට බලපෑමක් එල්ල කරනවා- කෙසේ වෙතත්, ඉදිරි කාර්තුව තුළ මෙම අභියෝග ජය ගැනීමට සහ අපගේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි බව අපිට විශ්වාසයි- ඉදිරියට යමින්, තිරසාර වර්ධනයක් සහ වටිනාකම් නිර්මාණයක් සඳහා අපි කැපවී සිටිනවා- ඊට අමතරව, සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පවතින සාමාන්‍ය කොටස් කුඩා ඒකකවලට බෙදීමට අප තීරණය කර තිබෙන අතර මෙම පියවර මගින් ආයෝජකයින් සඳහා කොටස් වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම, වෙළඳ ක්‍රියාකාරකම් වැඩි කිරීම සහ සමස්ත වෙළඳපල ප්‍රවේශ්‍යතාව සහ ද්‍රවශීලතාවය වැඩි දියුණු කිරීම අපේ අරමුණයි-” යනුවෙනි.


advertistmentadvertistment