බීර බොන්නේ බලාගෙනයි..! හොරා නිදැල්ලේ

670

වවුනියාව ප‍්‍රදේශයේ ගුරුවරයකු යම් අවශ්‍යතාවක් සඳහා බළන්ගොඩ නගරයට පැමිණි අවස්ථාවේදී කෑමට පෙර බීර බෝතලයක් බීමට යෑම නිසා රුපියල් 20,000 ක මුදලක් හා ජංගම දුරකථන දෙකක් අහිමිකර ගැනීමට සිදු වූ කතා පුවතක් බළන්ගොඩ පොලිසිය හරහා දැනගැනීමට ලැබුණි.

මොහු මෙම සිද්ධියට මුහුණ පෑ අයුරු පොලිස් පැමිණිල්ලේ මෙසේ සඳහන් විය.

‘‘මම අවන්හලකට ගොස් බීර බෝතලයක් බොමින් සිටින විට තවත් පුද්ගලයකු මා අසල මේසයට පැමිණියා. ඔහු කීප විටක් මා සමඟ කතා කිරීමට උත්සාහ ගත්තා. එනිසා වගතුග විමසා කතාබහට එක් වී ඔහු අත තිබූ බීම වීදුරුව ද රැගෙන මා සිටින මේසය අසල පුටුවේ වාඩිවුණා. නමුත් ඉන්පසු මට සිහිය ලැබී බලන විට හිටියේ රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණය අසල. ඒ වනවිට මා සතු මුදල් හා ෆෝන් දෙක ද අහිමිව තිබුණා. ඔහු දුටුවොත් හඳුනාගන්න පුළුවන්. මම හිතනවා සූක්‍ෂ්ම අයුරින් මට යම් විෂ වර්ගයක් බීර බෝතලයට දමන්න ඇති කියා’’

බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති (ප‍්‍ර. පො. ප.) ජේ. ඞී. සී. පී. ජයකොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

මෙවැනි නාඳුනන වංචාකාරී පුද්ගලයන් හා ඇසුරට හෝ කතාබහට නොයන ලෙස පොලිසිය ජනතාවට අවවාද කරයි.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment