අංගම් සටන් කලා සංදර්ශනය ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් මහරදී

245

සම්ප‍්‍රදායික ක‍්‍රීඩා ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ජාතික ක‍්‍රීඩා දිනයට සමගාමීව සංවිධානය කළ සම්ප‍්‍රදායික දේශීය අංගම් සටන් කලා සංදර්ශනය ක‍්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහර බුත්පිටිය පිළිකුත්තුව රජමහා විහාරස්ථානයේදී ඉකුත් 30 වනදා පැවැත්විනි.

එම අවස්ථාවට ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහන් ප‍්‍රදීප් විතාන, මහර ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුධීමා චාන්දනී, උප සභාපති අජන්ත වික‍්‍රමාරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් සහභාගී වූහ.

අංගම් සටන් කලා සංදර්ශනය ක‍්‍රීඩා ඇමැති  නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් මහරදී
ඇමැති නාමල් රාජපක්ෂ ඇතුළු ආරාධිත අමුත්තන් අංගම්පොර සංදර්ශනයට සහභාගී වූ ක‍්‍රීඩකයන් සමග සමූහ ඡායාරූපයකට එක්වූ අයුරු

ගම්පහ සමූහ – සුසිල් රණමුක


 


advertistmentadvertistment