අකුරණට අනතුරක් ද?

407

මහනුවර අකුරණ නගරයේ ඊයේ රාත්‍රියේ සිට තර කර ඇති අතර එම නගරයට මේ වන විටත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බව සදහන් වෙයි.

අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායම් ද එම ප්‍රදේශයට යැවීමට සූදානම් කර ඇති අතර දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙනතුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යොදවා තිබේ.


advertistmentadvertistment