ශ්‍රී ලංකාවේ අඩු බර සහිත දරුවන් ඉපදීම වැඩි වී ඇති බවත් පළමු උපන්දිනය සමරන්නත් පෙර වසරකට 2500ක් පමණ මියයන බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය.
අනාගත ප්‍රජා සෞඛ්‍ය අභියෝග මැයෙන් ඊයේ (30දා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.
වසරකට මව්වරුන් තුන් ලක්ෂ දහතුන් දහසක පමණ පිරිසක් ගර්භණී තත්ත්වයට පත්වනවා. එම පිළිසිඳගත් දරු කලලය මුල් මාස කිහිපයේදී එනම් මාස 3-4 කාලයේදී විසිහය දහසක් පමණ කලල ගර්භාෂයෙන් ඉවත් වන බවද ඔහු කීය.
ආර්ථික ගැටලු, නිසි අවබෝධයක් නැතිකම, පාරිසරික හා සාමාජයීය කරුණු, සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බිඳවැටීම් ද ඊට බලපා ඇති හේතු අතර වන බවද වෛද්‍යවරයා පැවසීය.
ජ්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන උත්පලා අමරසිංහ, වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි යන මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
සුජාතා ජයරත්න, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත