අතවර පැමිණිල්ලක් මත කෝටිපතියාට උසාවියෙන් රට ගමන් තහනමක්

542

මෙරට ප්‍රමුඛ පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ආචාර්ය සේන යද්දෙහිගේට මෙරටින් පිටවීම වළකාලමින් විදෙස් ගමන් තහනමක් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් නිකුත් කර තිබේ.

ව්‍යාපාරික විශ්ලේෂකවරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් එම තහනම නිකුත් කර තිබේ.

ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගිය අවස්ථාවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකදී මෙම කෝටිපති ව්‍යාපාරිකයා තමාට ලිංගික අතවර කළ බව ව්‍යාපාරික විශ්ලේෂකවරිය කළ පැමිණිල්ලකට අනුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරනු ලැබීය.

මසක පමණ කාලයක් විදේශගතව සිටි සේන යද්දෙහිගේ යළි මෙරටට පැමිණි අවස්ථාවේදී ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට පැමිණිලිකාරිය පසුගිය මැයි 07 වැනිදා කොල්ලුපිටියේ අදාළ තරු හෝටලයට ගොස් ඇත.

එම අවස්ථාවේදී සැකකරු තමාට ලිංගික අතවර කළ බවට පැමිණිල්ලේ සඳහන් බව දැනුම් දුන් නිලධරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද අධිකරණයට දැනුම් දුන්හ.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රටින් පිටවීමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක්ද නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment