ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයන් හත්දෙනකු මියයෑම සම්බන්ධයෙන් අනතුර සිදුවූ මෝටර් රථ දෙකේ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ඉතා අසාධාරණ යැයි සුපර් ක්‍රොස් ධාවකයන්ගේ සංගමය පවසයි.
එම ධාවකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළ අතර එම සංගමයේ අනුශාසක සජාජ් ජුහේර් මහතා මෙසේ පැවසීය.
මේ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ධාවනය කළ රියැදුරන් දෙදෙනා 30දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ධාවන පථය ආරක්ෂාකාරීව සෑදීම සහ නරඹන්නන් කළමනාකරණය කිරීම සංවිධායකයන් සතු කාර්යයක්. අපිට ඒකේදී මුකුත් කරන්න බැහැ. අපිට තියෙන්නේ රේස් කාර් එකේ නැඟලා රේස් එකට
සහභාගිවීම පමණයි.
රියැදුරන් දෙදෙනා අත්අඩංගුව ගත්තේ කහ කොඩියට අවනත නොවීම නිසා කියලයි පොලිසිය කියන්නේ. අපි කහ කොඩිය දැක්කම වේගය පාලනය කරගත යුතුයි. නමුත් එකවර වාහනය නවත්වන්න බැහැ. මුලින් කාර් එක පෙරළුනාම රතු කොඩිය යොදන්න තිබුණා.
කාර් හැප්පුනේ එළියට ගිහින් නොවෙයි. කාර් හැප්පුනේ ට්‍රැක් එකේදී. පිරිස ට්‍රැක් එකේ හිටපු එක වරදක් මිස මෝටර් රථ රියැදුරන් එළියට ගිහින් අනතුරක් සිදුකරලා නැහැ. ජීවිත නැතිවීම ගැන අපිටත් කනගාටුයි. මේකට වගකියන්න ඕන රියැදුරන් නෙවෙයි වරද කරපු අයයි. ඒ නිසා මේක වෙන පිරිස් මත පටවන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
චමින්ද සිල්වා
දෙදෙනාට ඇප
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී හත් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ මාරක අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයෝ දෙදෙනා ඊයේ (24දා) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබූහ.
මෙසේ ඇප මුත මුදාහරිනු ලැබුවේ රාජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි යන ධාවකයන් දෙදෙනාය.
හපුතලේ – නයනා නන්ද