මොහු කලාවට ප්‍රථමයෙන් අවතීර්ණ වන්නේ වයස අවුරුදු 2 දී. යාපනයේ හින්දු කොලෙජ් වේදිකාව මත තම පියාණන් වන සූරිය අමරසේකරයන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ වේදිකාවේ ප්‍රවීණ විකට රජු, ටෙනිසන් කුරේ මහතා රංගනයෙන් දායකවූ “ලා රෝසා” වේදිකා නාට්‍ය තුළිනි. ඔබතුමා, බිංදු බබා වැනි වේදිකා නාට්‍ය තුළ ද රෝස්, රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

අත්පුඩි තුළින් සිනමාවට එන රෝස් ඇන්ජලෝ

තම කලා නිර්මාණ ප්‍රේක්ෂකයින් අතරට ගෙන යෑම සඳහා සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය අංශයක් වන යූ ටියුබ් තුළ පදිරි ප්‍රඩක්ෂන් (Padiri Pruduction) නමින් යූ ටියුබ් නාළිකාවක් 2016 දී ආරම්භ කෙරිණි. මෙහි පළමු වීඩියෝව ඇතුළු වීඩියෝ කීපයක් ස්මාර්ට් ජංගම දුරකථනයකින් රූපගත කෙරිණි. පියා අධ්‍යක්ෂවරයෙක් වී තිබීම රෝස්ගේ

නිර්මාණවලට මහත් පිටිවහලක් විය. මෙම නිර්මාණ සඳහා කතාව, තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරනු ලබන්නේද රෝස් ඇන්ජලෝ අමරසේකරයන් විසිනි.

මෙම වීඩියෝ නිෂ්පාදන කටයුතු රෝස් ඇන්ජලෝ, සූරිය අමරසේකර හා චමින්ද කුමාර මහතා විසින් සිදු කරයි. මෙම නිර්මාණයන් සඳහා දැනට දායක වන රංගන ශිල්පීන් ශිල්පිනියන් වන්නේ රෝස් ඇන්ජලෝ අමරසේකර, සූරිය අමරසේකර, කුමුදු අමරසේකර, රිකි ලැබ්රෝයි, ටුයින්කල් අමරසේකර, ස්විටිකල් අමරසේකර, අචින්ත්‍ය සහන්, වගීෂ විමෝද්, කමල් ප්‍රියශාන්ත, ප්‍රියදර්ශන රුද්‍රිගෝ (මැක්ෂි ප්‍රියා) සුලෝච සඳරුවන්, මදුෂ දිල්ෂාන් රෝසා, ජෝන් සෙයිසා, ටේ‍රවෝ ප්‍රනෑන්ඩු, ඇංජලෝ ලැබ්රෝයි, සෝමාවතී පෙරේරා, ලහිරු තිලෝචන, චමින්ද කුමාර, මලීෂ නිම්සර, කවිෂ්කා ෂෙරනි, නර්ථනා

දසුනි, මලික් සල්ගාදු, ලසන්ති නයෝමි, ඉන්දික සිල්වා, නදීෂා ඉරෝෂනී, රෝහිත රුවන්, චෙලෝන් සිල්වා, ඩියෝන් සල්ගාදු ය .

මෙහි කැමරාකරණය:- අමිල පරණවිතාන, නිශාන් හසිත, ශබ්ද පරිපාලනය:- සුමිත් ඒකනායක, ආලෝකකරණය:- හිමල්ක මදුෂාන්, නිශ්චල ඡායාරූප:- සුධීර සම්පත්, වීඩියෝ සංස්කරණය:- තනුෂ්ක කහඳවල, නිශානි තෙන්නකෝන්, සහාය අධ්‍යක්ෂණය රංගන නවරත්න, ශෂික සෙහාන්. මෙහි වීඩියෝ සඳහා ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල, චතුර පෙරේරා සහ රුක්ෂානා දිසානායක ද මෙහි රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. දුෂානි, සුගලිප්ස්, සමාධි, අංජු දේශානි වැනි සමාජ ක්‍රියාකාරිනියන් ද රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

තවදුරටත් රෝස් අපට පැවසූ ආකාරයට සූරිය අමරසේකරයන් විසින් සිනමාවට රචනා කළ අලුත් සිනමා පටය ‘අත්පුඩි’ සිනමා පටය රෝස් ඇන්ජලෝ, සූරිය අමරසේකර යන පිය පුතු දෙපළගේ

සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ සිනමාවේ ප්‍රවීණයන් වන බන්දු සමරසිංහ, රොඩ්නි වර්ණකුල, චතුර පෙරේරා, තාරුකා වන්නිආරච්චි ඇතුළු සිනමාවේ තවත් ප්‍රසිද්ධම ශිල්ප ශිල්පිනියන් රැසකගේ රංගන දායකත්වය ලබාදී ඇත. මෙම සිනමා පටයේ ප්‍රධාන චරිතය රෝස් ඇන්ජලෝ අමරසේකරයන් විසින් කරනු ලබයි.

කමල් ප්‍රියශාන්ත


advertistmentadvertistment