අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කරයි

813


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු අතිරේක කොමසාරිස්වරු ලෙසත් පත් කර සිටිති.
එහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික් 25 හි ලේකම්වරුන් පත් කිරීමට ද කටයුතු කර ඇත.


advertistmentadvertistment