දිවයිනේ බොහෝ ස්ථානවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ දක්වා තිබේ.
බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති වීමට ඉඩ ඇත.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සදහන් ය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ස්ථානගත වූ තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.