අදානිගේ වෙළෙඳ නාවික දැනුම කොළඹ වරායට – ඉන්දියාවේ අදානි වරාය සංවර්ධන අංශයේ කපිතාන් සචින්

1

ඉන්දියාවේ අදානි සමූහයේ වරාය සංවර්ධන කටයුතු අංශයට ලෝකයේ ප්‍රමුඛතම නාවික කටයුතු සහ ඒ හා සමග ඉදිකිරීම් කටයුතු පිළිබඳ හසල අත්දැකීමක් ඇති බවත් එලෙසම එම මොඩලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති බවත් ඉන්දියාවේ අදානි වරාය සංවර්ධන අංශයේ කපිතාන් සචින් මහතා පැවසීය.

ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම සහ ශ්‍රී ලංකාවේ ජෝන්කීල්ස් සමූහය සමග එක්ව ක්‍රියාත්මක කරන කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉහළම ඵලදායීතාවය සහ කාර්යක්ෂමභාවය ඇති කිරීම සඳහා ජෝන්කීල්ස් සමාගම සමග එක්ව කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ඉන්දියාවේ අදානි සමූහයේ වරාය සංවර්ධන අංශය ඉන්දියාව තුළ වරාය 14ක සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර ඒවා ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සංවර්ධනයට යෝග්‍ය පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දියාවේ අදානි වරාය සංවර්ධන අංශයේ කපිතාන් සචින් මහතා මේ බව කියා සිටියේ ඉන්දියාවේ අදානි සමූහයේ ගුජරාට් හි පිහිටි මුන්ඩ්රා වරායේ දී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

ප්‍රභාත් විතාන ඉන්දියාවේ ගුජරාට් සිට…

advertistmentadvertistment
advertistmentadvertistment