අද ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාව ගැන විශේෂ ප‍්‍රකාශයක්

122

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය අද (13 දා) ආරම්භ වීමට නියමිතය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ විසින් ලංකාව පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

ශී‍්‍ර ලංකා ආණ්ඩුව යුද අපරාධ පරීක්‍ෂණ නිසි පරිදි නොකිරීම ගැන මානව හිමිකම් කවුන්සිලයේ ස්ථාවරය මෙහිදී බැෂලේ විසින් හෙළි කිරීමට නියමිතය.

48 වැනි සැසිවාරය ලබන ඔක්තෝබර් 6 වැනිදා තෙක් පැවැත්වේ.

චතුර පමුණුව
 


advertistmentadvertistment