අද තරුණ භික්ෂුන්ගේ විනය පිරිහිලා -මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි

374

නිකායත්‍රයේ නාහිමිවරුන් මසකට වරක්වත් සාකච්ඡා කළ යුතුයි

“රටේ දියුණුව මෙන්ම ආරක්ෂාව උදෙසා බෞද්ධ භික්ෂුවට මහත් කාර්යභාරයක් පැවරී තිබෙනවා.

නමුත් වර්තමානයේ භික්ෂු විනය පිරිහෙමින් පවතින බව පෙනෙනවා. විශේෂයෙන් ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේලා පෙළපාලි යනවා, තාප්ප උඩින් පනිනවා. මේවා දකින විට ගිහි පින්වතුන් සංඝයා කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව ගෞරවය අඩු වෙනවා. මේ නිසා නිකායත්‍රයේ නායක හිමිවරුන් මසකට වරක්වත් එක් වී සාකච්ඡා කළයුතු” යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ පැවසූහ.

අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක පදවියට පත් වූ පුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියන්ට උපහාර පිණිස සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉකුත් 03 දා පැවති උත්සවයේ දී කුලපති හිමියන් ඉහත ප්‍රකාශය කළහ. මෙම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මඟින් පවත්වන ලද මෙම උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක් ද සහභාගි වූහ.

බළන්ගොඩ – එන්. එච්. පියසේන සහ හර්බට් චින්තාමණි


advertistmentadvertistment