ජම්පටාවීදිය වෙඩි තැබීමට හේතු හෙළිවෙයි

398

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ දහවල් සිදුකළ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ 55 හැවිරිදි මොහොමඩ් රිල්වාන් නමැති පුද්ගලයෙකි.ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩුකන්නාගේ සමීපතයෙකු බව හෙළිවී ඇත.ඔහු හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.කලක පටන් පූකුඩුකන්නා සහ කුඩු සෙල්විගේ පුතාවන රිමෝෂන් නැමැත්තා අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ නිව්හැම් චතුරස්‍රයේදී ඊයේ දහවල් 1.45ට පමණ එම වෙඩි තැබීම සිදුකර තිබුණි.එහිදී තුවාල ලැබූ රිල්වාන් නමැති එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment