අද සිට අඟහරුවාදා තෙක් ලිට්‍රෝ ගෑස් නෑ

114

ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් අද (04 වැනිදා) සිට ලබන අඟහරුවාදා (07 වැනිදා) දක්වා නිකරුණේ පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගෑස් තොග නොමැති වීම නිසා ලබන අඟහරුවාදා තෙක් ගෑස් සැපයීම සිදු නොවන බවත් හෙතෙම කීය.

ගෑස් මෙටි්‍රක් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට හෙට (05 වැනිදා) ළඟා වීමට නියමිත බව ද ඒ මහතා කියා සිටියේය.

ඊයේ (03 වැනිදා) දිනයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000ක් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට බෙදාහැරි බව ලිට්‍රෝ සමාගම පැවසීය.

මේ අතර, ඊයේ දිනයේ ද ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටිනු දැකගත හැකි විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා


advertistmentadvertistment