අද සෝෂල් මීඩියා වල් වැදිලා – දේවින්ද කෝන්ගහගේ

109

රටම ලොක් ඩවුන් කරපු වෙලේ හදපු නාට්ටාමි ආමි
මේක සමීක්‍ෂණයක ප්‍රතිපලයක්

ඔහු නමින් දේවින්ද කෝන්ගහගේ. ශ්‍රී ලාංකේය සිනමාව තුළ නව අත්හදා බැලීම් සිදු කරන අධ්‍යක්‍ෂවරයෙක්. බව දුක සහ බව කර්ම හරහා තම රංගන හැකියාව ප්‍රේක්ෂකයා වෙත තිළිණ කළ රංගන ශිල්පියෙක්. බව තරණයෙන් සිනමා ගමන ඇරඹූ දේවින්දගේ නාට්ටාමි ආමි ගැන තමයි මේ කතාබහ.

අද සෝෂල් මීඩියා වල් වැදිලා - දේවින්ද කෝන්ගහගේ

දේවින්දගේ නාට්ටාමි ආමි තුළින් මේ කතාබහ ආරම්භ කළොත්.?

ඇත්තටම පර්යේෂණය සහ පිටපත මගේ. ඒ වගේම අධ්‍යක්‍ෂණයත් මගේ. 2021 වසරේ රට කොරෝනා වසංගතය වෙලාවේ ලොක්ඩවුන් කරලා තිබුණ වෙලාවක තමයි නිර්මාණය වෙන්නේ.

අද සෝෂල් මීඩියා වල් වැදිලා - දේවින්ද කෝන්ගහගේ

නාට්ටාමි ආමි නිර්මාණය වෙන්නේ ලොක්ඩවුන් කාලේ. එහෙමද?

හරියටම හරි. මේ කොරෝනා වසංගතයට පෙර මම ලංකාවේ නාට්ටාමිලා පිළිබඳව සහ ඔවුන් ගත කරන ජීවිතය පිළිබඳව සමීක්‍ෂණයක් සිදුකළා. ඒක සිනමා කෘතියකට ගෙන එන්න සිතමින් ඉන්න යුගයක තමයි ගාමිණි පතිරණ මහතා අපි චිත්‍රපටයක් කරමු කියලා යෝජනාවක් ගෙන එන්නේ. හැබැයි 2021 වෙනකොට චිත්‍රපටයක් කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා නැති කාලෙක රට වැසුණු කාලයක කාර්යයන් දෙකක් මුල් කරගෙන තමයි නාට්ටාමි ආමි හැදෙන්නේ.

අද සෝෂල් මීඩියා වල් වැදිලා - දේවින්ද කෝන්ගහගේ

මොනවද ඒ කාර්යයන් දෙක?

නාට්ටාමිලා වෙනුවෙන් මම කරපු පර්යේෂණ එළියට ගෙනියන්න සහ ලොක්ඩවුන් වුණ කාලයක නිර්මාණයක් කිරීමේ අභියෝගය ජය ගැනීම.

මේක ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකට කරපු වැඩක්ද?

ගාමිණි පතිරණගේ සහ මගේ එකතුවෙන් හැදෙනවා ලංකාවටම චිත්‍රපට ගෙදර ඉඳලා බලන්න පුළුවන් ෆ්ලැට්ෆෝම් එකක්. අද වෙනකොට ලංකාවේ ෆ්ලැට්ෆෝම් බොහොමයක් තිබෙනවා. මේ ෆ්ලැට්ෆෝම් හැම එකකම සබ්ස් ක්‍රිප්ෂන් එකක් එක්ක තමයි යන්නේ. එතකොට අපි කපුටා සිනමා කියන ෆ්ලැට්ෆෝම් එක හදලා ඒක ඇතුළේ නව සිනමා කෘති” සංගීතමය සිනමා කෘති හදලා මිනිස්සු අතරට ගෙනියන්නේ කිසිදු අය කිරීමකින් තොරවයි. අපි ඒක Fee Free සිනමා කියලා.

අද සෝෂල් මීඩියා වල් වැදිලා - දේවින්ද කෝන්ගහගේ

මේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම්වලට කිසිම නියාමනයක් නැහැනේ?

අද වෙනකොට බොහෝ දෙනා කතා කරනවා ටෙලි නාට්‍ය සහ සිනමාව අවරගණයට ගිහිල්ලා කියලා. හැබැයි රූපවාහිනිය ටෙලියක් එක්ක ගතකරපු කාලය බැලුවහම ඉස්සර ටෙලියකට ස්ටෑන්ඩඩ් හැදුවේ ජාතික රූපවාහිනිය. දැන් අනාගතය දිහා බැලුවහම සයිබර් සිනමාවේ සිනමා කෘති හැදීමට කිසිම සීමාවක් නැහැ. ඒ හින්දා රූපවාහිනියටත් වඩා වල්වැදීමට තියෙන ඉඩකඩ සයිබර් අවකාශයේ වැඩියි. අන්න ඒ නිසා සයිබර් සිනමා කෝපරේෂන් ආයතනය හරහා සයිබර් සිනමාව හරි ප්‍රමිතියකට ලංකාවේ මිනිස්සු අතරට ගෙන එන්න හැදුවේ.

බොහෝ අය හිතනවා මේ ෆ්ලැට්ෆෝම් ෆිල්ම් එකක් කියලා. ඒක වැරදි මතයක්. සමහරවිට එහෙම මතයක් ගෙනියන්නත් පුළුවන්. මේක ප්‍රධාන ධාරාවේ සිනමාව නිර්මාණය කරපු වැඩක්. ලංකාවේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකක් විසින් හදපු පළමු චිත්‍රපටය. ඒක තමයි වැරදි මතයකට ගෙනියන්නේ. අනික ලංකාවේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් කිසිවක් ශක්තිමත් නැහැ චිත්‍රපටියක් නිර්මාණය කරන්න.

ඩිජිටල් ෆ්ලැට්ෆෝම් රට විනාශ කරනවා කියලා හැඟෙන්නේ නැතිද?

රට කෙසේ වෙතත් ක්‍ෂේත්‍රය ගත්තොත් ඊට දැඩි බලපෑමක් ඇතිවෙනවා. අද සෝෂල් මීඩියා ගත්තාම වල් වැදිලා තියෙන්නේ. ගත යුත්තේ මොකක්ද? නැතිද කියලා කියන්න තේරෙන්නේ සමහර ප්‍රවෘත්තිවල ඇත්ත නැත්ත සොයා ගන්නෙත් ටික කාලයක් ගිහිල්ලා. සමහරු සෝෂල් මීඩියා පාවිච්චි කරනවා තමන්ගේ නෙගටිව් පබ්ලිසිටි හරහා තමන්ගේ නම ඉස්සරහට ගෙනියන්න. සිනමාව කියන ක්‍ෂේත්‍රය සම්බන්ධව ෆ්ලැට්ෆෝම් එකක් හැදෙද්දී අතිශය භයානකයි.

ලොක්ඩවුන් එකක් අස්සේ නාට්ටාමි ආමි ෂූට් කළේ කොහොමද?

අපිට ඕනෑ වෙනවා නාට්ටාමි ආමි හරහා ලොක් ඩවුන් එකක් නැති රටක් පෙන්වන්න. මම මේක මාසයක් පමණ කාලයක් ෂූට් කරනවා. ඒකේ එක්තරා සතියක් විතර ආවා සම්පූර්ණයෙන් මුළු රටම වහල දාලා. සෞඛ්‍ය නීතිරීති වලට අනුව තමයි ෂූට් කළේ. අපිට මාස්ක් ගලවලා ෂූට් කරන්න ඕනෑ. ඊට පස්සේ පාරේ ඇවිදින ජනතාවගේ මාස්ක් නැහැ වගේ පෙන්වන්න ඕනෑ. ඒක තමයි අපිට තිබුණු බරපතළම අභියෝගය. අන්තිමේ මේ පවතින සමාජ වටපිටාව ඇතුළේ අපිට ඕනෑ නිර්මාණය එළියට ගෙන එන්න පුළුවන් වුණා.

පීඑච්අයි ලාගේ පරීක්‍ෂාවටත් ලක්වුණාද?

පීඑච්අයිලා විටින් විට බලන්න එනවා අපි මේ කරගෙන යන ක්‍රමවේදය හරිද කියලා. ලොක් ඩවුන් එකට රට වැහුවම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි සෙනග නැති එකත් ප්‍රශ්නයක් වුණා. එතකොට අපිට සිද්ධ වුණා ඒ වෙනුවෙන් තාවකාලිකව සෙනග කීපදෙනෙක් ගෙනැල්ලා දමන්න.

මෙහෙම ෂූට් එකක් කරනවා කිව්වම මිනිස්සු බැන්නේ නැතිද?

මෙහි නිෂ්පාදන කාර්යට දවස් 35 ක් විතර ගියාට අපි මේකේ රූගත කිරීම් සිදුකරන්න සූදානම් වෙන්නේ මීට මාස දෙකකට කලින්. ඒ දැඩි ලොක්ඩවුන් කාලේ. ඒ කාලේ ඉඳලා කලාකරුවන් දැනුවත් කරලා තිබුණේ. කලාකරුවන් සමග දර්ශන තලයට යද්දී පෙර සූදානමක් තිබුණා. මැනිං මාර්කට් එකට එන මිනිස්සු පවා දැනුවත් කරලා තිබුණේ.

නාට්ටාමිලා ගැන චිත්‍රපටයක් කරන්න හිතුවේ ඇයි?

මම සාමාන්‍යයෙන් සමීක්‍ෂණ එක්ක වැඩවලට අතගහන කෙනෙක්. මට අදහසක් තිබුණා නාට්ටාමිලා ගැන වෙන විදියකට කතා වෙන්න ඕනෑ කියලා. ඒ නිසාමයි මම නාට්ටාමිලා ගැන සමීක්‍ෂණයක් කරන්නේ. අනික අපි කන බත්පතේ පරිප්පු ඇටේ ඉඳලා ගැහැනු අදින පෑඩ් පැකට් එක දක්වා එන්නේ මේ මිනිස්සුන්ගේ කර මතින්. අපේ ගෙදර උයන පරිප්පු ඇටේ ඉඳලා ජනාධිපතිගේ ගෙදර උයන පරිප්පු ඇටේ යන්නෙත් ඔය මිනිස්සුන්ගේ කරමතින්. මේ සමාජ තල තුනටම නෑකම් කියන පිරිසක් තමයි නාට්ටාමිලා. හැබැයි නිකමට හරි නාට්ටාමි කෙනෙක් ළඟින් යනකොට අපි අයින් වෙනවා. නාට්ටාමිලා ගණන් ගන්නේ නැහැ. නාට්ටාමිලා කුඩ්ඩෝ” රස්තියාදුකාරයෝ කියලත් දානවා. නාට්ටාමිලාට යූනියන් නැහැ. අවම වැටුපක්වත් නැහැ. නාට්ටාමිලා කියන්නේ නිහඬ කම්කරුවෝ පිරිසක්. ඉතින් මම ඔවුන් එක්ක ජිවත්වෙලා තමයි මේ සමීක්‍ෂණය සිදු කළේ. නාට්ටාමිලාට වෙනම වටිනාකමක් දෙන්නයි මම මේක හැදුවේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment