කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ මාරක රිය අනතුරින් පසුගිය 25 වැනිදා ජීවිතක්‍ෂයට පත්වූ ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා (72542) සැරයන් නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට ඊයේ (28 දා) පැවසීය.
ජයකොඩි මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ සුඛෝපභෝගී ජීප් රථයෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හලාවත දෙස සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී කිලෝමීටර් එකොළහයි දශම එක කණුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ගැටී සිදුවූ අනතුරින් දෙදෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ.
මියගිය කොස්තාපල්වරයා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 23/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 25 වැනිදා සිට පොලිස් සැරයන් නිලයට උසස් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ අතර එම නිලධාරියාගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්‍ෂ 15 ක් මහනුවර නිවසේදී පෙරේදා (27 දා) ලබාදීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්