අන්තර් පාසල් බොක්සිං තරගාවලිය – ශූරතාව පේරාදෙණිය විදුහලට

5

49 වැනි එල්.වී. ජයවීර අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතා පේරාදෙණිය මධ්‍ය මහා විදුහල හා දොඹගොඩ සීලරතන මහා විදුහල හිමිකර ගනී.

49 වැනි එල්.වී. ජයවීර අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව හිමිකර ගැනීමට පේරාදෙණිය මධ්‍ය මහා විදුහල සමත් වූ අතර තරගාවලියේ බාලිකා ශූරතාවය සමගින් ඩොනල්ඩ් මුණසිංහ කුසලානය හිමිකර ගැනීමට හොරණ දොඹගොඩ සීලරතන මහා විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගාවලියේ බාලක ශූරතාවය හිමිකර ගත් පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩකයෝ රන් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වූ අතර, හොරණ විද්‍යාරතන මහා විදුහල රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් සමඟ අනුශූරතාව දිනා ගන්නා ලදි. දොඹගොඩ සීලරතන ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් බාලිකා ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, බාලිකා අනුශූරතාව දෙනුවර අධ්‍යාපන කලාපයේ ලංකාතිලක මහා විදුහල හිමිකරගනු ලැබුවේ රන් පදක්කම් 3ක් දිනා ගනිමිනි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට කිලෝග්‍රෑම් 37-40 බර පන්තියෙන් තරග කරමින් රන් පදක්කම දිනාගත් පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ රිවිනු හේරත් සමත් විය.

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධාන කරන ලද මෙම තරගාවලිය

පසුගියදා පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන


advertistmentadvertistment