අනුන්ගේ යුද්ධයට අපේ 476ක් එහේ

60

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ ඉදිරි ආරක්ෂක කලාපයේ සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට රුසියාවට ගිය පිරිස 476ක් වන බවට තැනැත්තන් වෙළෙඳාම් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ පිළිබඳව විමර්ශන ඒකකයට නිල වශයෙන් තොරතුරු ලැබී තිබේ.

මෙම පිරිස අතර හිටපු හමුදා භටයන් වැඩි ප්‍රමාණයක් සිටින බව දැනගැනීමට ලැබී ඇතැයි එම විමර්ශන ඒකකයේ ප්‍රකාශකයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එහෙත් මෙම පිරිසෙන් මියගිය අය හෝ තුවාල ලැබූ අය පිළිබඳව නිලවශයෙන් තොරතුරු ලැබී නැතැයි එම ඒකකය කියයි.

රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙය වීම යටතේ තැනැත්තන් වෙළෙඳාම් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ ඒකකයේ අධ්‍යක්ෂ සමරකෝන් බණ්ඩා මහතා මේ පිළිබඳව විමර්ශන කරගෙන යයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment