ජනපතිවරණ වැඩ පණ ගන්වන්න බැසිල් 5 දා දිවයිනට

251

විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මාර්තු 05 දා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර ඒ මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය ප්‍රමාද වී තිබේ. බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර සිදුකරන කටයුතු වඩා වේගවත් වනු ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment