අනුරපුර නගර සංවර්ධන ව්‍යාපෘතියේ අසාර්ථකත්වය සොයන්න කොමිසමක් පත්කරන්න – උතුරුමැද වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලය ජනපතිගෙන් ඉල්ලයි

27

ප්‍රංශ රජය මගින් ණය ආධාර යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කළ ඩොලර් මිලියන 59.9ක මුදලින් ආරම්භ කළ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව උතුරුමැද පළාත් කර්මාන්ත වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලය පවසයි.

යහපාලන රජය සමයේ ආරම්භ කළ එම සංවර්ධන ව්‍යාපෘතිය භාරව කටයුතු කළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් තම හිතුමතේට එම ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යෑම හේතුවෙන් එය මුළුමනින්ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇති බව උතුරුමැද පළාත් කර්මාන්ත වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. දිසානායක මහතා පැවැසීය.

එම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් අනුරාධපුර නගරයේ ආරම්භ කළ ව්‍යාපෘති කාර්යාලයේ පරිපාලන වියදම් සඳහා පමණක් මේ වනවිට රුපියල් කෝටි පනහකට අධික මුදලක් වියදම් කොට ඇති බවට තමා සතුව තොරතුරු තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment