අපි බිලියන 18 ක් සොරකම් කළා කියපු අය දැන් කියනවා ප්‍රතිව්‍යහගත කිරීමට තිබෙන්නේ බිලියන 10යි කියලා

80

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රීලපොපෙ අගලවත්ත ආසන සම්මේලනයේදී කියයි

රාජපක්ෂලා බිලියන 18 ක් සොරකම් කර ඇති බව ප්‍රකාශ කළ පුද්ගලයන්ම දැන් ප්‍රතිව්‍යහගත කිරීමට ඇත්තේ බිලියන 10 ක ණය පමණක් බව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මන්ත්‍රීවරයා ඒ පිළිබදව සදහන් කළේ පසුගිය29දා අගලවත්ත නගරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන ‌පෙරමුණේ අගලවත්ත ආසනයේ සම්මේලනය අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

2015දී අපි පරාජය වුනහම සමහරු හිතුව රටට ආදරය කරන වමේ කඳවුර ඉවරයි කියලා. එදා අපි නියෝජනය කළ කඳවුර පරාජය කළේ අපගේ පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ගලවගෙන ගිහිල්ලා. අපි අදටත් විශ්වාස කරනවා අපේ කඳවුර පරාජය කිරීමට තීරණය කළේ 2009දී ලද යුද ජයග්‍රහණයෙන් පසුව කියලා. අපි නියෝජනය කළ ජාතික කඳවුර පරාජය කරන්නත් බෙදන්නත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වුවා. අපි 2018දී පැවැත්වූ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළා.

ඉන් පසුව 69 ලක්ෂයක ජනවරමකින් ජනාධිපතිවරයෙකු සහ තුනෙන් දෙකේ බලයකින් යුතු පාර්ලිමේන්තුවක් පත්කර ගත්තා. නමුත් නැවත වතාවක් සුපුරුදු පරිදි අපේ කඳවුර බෙදන්න කටයුතු කළා. 2015දී අපත් සමග සිටි අපි විශ්වාස කළ පිරිසකුත් අප අතහැරලා යන්න පටන් ගත්තා. අපේ ගෙවල් ගිනි තිබ්බ. අපේ පාක්ෂිකයන් වහල්ලු‍ද කියලා ඇසුවා. අපි නොබියව පාර්ලිමේන්තුව ඇතුලෙන් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. අපි මෙම ජනාධිපතිවරයා සමග බොහෝ කාරණාවලදී එකඟවන්නේ නැහැ. නමුත් අපේ කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි යන මතයේ ඉඳලා ඒ ස්ථාවර ආණ්ඩුව ගොඩනැගීම සඳහා කටයුතු කෙරුවා.

සමහරුන්ට රාජපක්ෂ කිව්වහම ප්‍රශ්නයක් තියනවා. නමුත් ඒක අපේ කඳවුරත් සමග ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. 2015 දී අපට රත්තරන් අශ්වයෝ ඉන්නවා කියල කිව්වා. ලෝකේ වටේම ගියා අපේ ගිණුම් සොයන්න. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවා රාජපක්ෂලා අයුතු විදිහට උපයාගත් මුදල් නැහැ කියලා. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා කිව්වා අපි නඩු දැම්මා එම නඩුවලින් ඔවුන් දිනුම් කියලා. අපි බිලියන 18 ක් සොරකම් කළා කියපු අය දැන් කියනවා ප්‍රතිව්‍යහගත කිරීමට තිබෙන්නේ ද්වීපාර්ශවීය ණය බිලියන 10 ක් කියලා.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment