අපේ අය ගැන හොයන්න විදෙස් අමාත්‍යාංශය ලබන සතියේ රුසියාවට

39

රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කිරීමට ගොස් අතුරුදන් වූ ශ්‍රී ලාංකික හමුදා භටයන් පිළිබඳව තොරතුරු නිල වශයෙන් අනාවරණය කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි සතිය ඇතුළත රුසියාවට යෑමට නියමිතව ඇත.

මේ අතර මෙම යුද්ධයේදී මියගිය හිටපු හමුදා භටයන්ගේ සහ තුවාල ලබා සිටින පිරිස හඳුනාගෙන ඔවුන්ගේ නාමලේඛනයන් ලබාගැනීමට ද මෙම කණ්ඩායම අදහස් කර ඇතැයි දැනගැනීමට ලැබී තිබේ.

මේ අතර මෙසේ තුවාල ලැබූවන් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන මෙහි රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගැනීමට නියමිතව ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment