අපේ ශක්තිය පන්දු යවන්නන් නිසා මුලින් පන්දුවට පහර දුන්නා

280

මෙය හොඳ ආරම්භයක් නොවෙයි – නායක වනිඳු පළමු තරගයේ පරාජය ගැන කියයි

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය පරාජයට පත් වීම තරගාවලියට හොඳ ආරම්භයක් නොවන නමුත් ඊළඟ තරගයේදී තමන්ගේ උපරිමය කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසීය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල පෙරේදා මුහුණදුන් පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6 ක පරාජයක් ලැබූ අතර ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා එම අදහස් දැක්වීය.

අපේ ශක්තිය පන්දු යවන්නන් නිසා මුලින් පන්දුවට පහර දුන්නා

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නස්සාවූ ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 77ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා ජය තහවුරු කර ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තවත් තරග තුනක් ඉතිරිව තිබෙන බවත් ඉදිරි තරග තුනේදී ක්‍රීඩකයන් තම උපරිමය කළ යුතු බවත් වනිඳු හසරංග සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා මෙසේ ද පැවසීය.

“අපට ශක්තිමත් පන්දු යැවීමේ අංශයක් තිබෙනවා. අපට අවශ්‍ය වූයේ හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවේ තැබීමට. අපට අවශ්‍ය වූයේ එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කිරීමට. ඒ නිසා තමයි අපි පන්දුවට පහරදීමට තීරණය ගත්තේ. විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්, ඔවුන් නව පන්දුවෙන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඔවුන්ට ලකුණු 120ක් – 125ක් තිබ්බ නම් මම හිතන්නේ මේ තරගය වෙනස් වෙයි.

අපේ ශක්තිය පන්දු යැවීම නිසා අපි හිතුවා කාසියේ වාසිය දිනලා ‘බෝඩ්’ එකට ලකුණු ටිකක් දාලා ඔවුන්ව පීඩනයට පත් කරන්න. අපි අපේ පන්දු යැවීම දන්නා නිසා අපි දෙවැනිව පන්දු යැවීමට තීරණය කළා. පසුගිය විස්සයි20 තරග කිහිපය අපි ජයග්‍රහණය කළේ ඒ ආකාරයට. ඉතින් ඒක අපේ වර්තමාන ශක්තිය පිළිබඳව හිතලා බලලා කණ්ඩායමක් විදියට ගත්ත තීරණයක්.

ඒත් ඔබ දැක්කා අපි දෙවැනියට පන්දු යැව්වත් එයාලට දුන්න පීඩනය කොහොමද කියලා. එයාලට ලකුණු 70ට එන්න අපි ඕවර 16ක් දිගටම පන්දු යැව්වා. ඉතින් මම දකිනවා අපි ගත්ත තීරණයේ වරදක් නැහැ, නමුත් අපි ඔවුන්ට දුන්න ඉලක්කය හරි නැහැ. විකට් එක ඒ තරම් අමාරු වුණත් අපි කණ්ඩායමක් විදියට ලොකු ටාගට් එකක් අවසානය දක්වාම තියාගෙන හිටියා. මම හිතන්නේ අපි ඒක පසුව හඳුනාගත්තා. එහි සිදුවූයේ එයයි.

තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ද එහිදී මාධ්‍ය විසින් ප්‍රශ්න නගන ලද අතර ඊට පිළිතුරු දෙමින් වනිඳු හසරංග මෙසේ පැවසීය.

අපේ ශක්තිය පන්දු යවන්නන් නිසා මුලින් පන්දුවට පහර දුන්නා

“පසුගිය දින කීපය තුළ අපට දුෂ්කර කාල තිබුණා. අපි තවමත් උදේ පැය එකහමාරක් ගමන් කරනවා. අපගේ පළමු වටයේ තරග හතරක් ස්ථාන හතරක තමයි තිබෙන්නේ. එය දුෂ්කරයි. අපි අපට ලැබෙන කඩුලු ගැන දන්නේ නෑ. මෙය නිව්යෝර්ක්හි අපේ පළමු තරගය යි. අපට ඊළඟ තරගය තිබෙන්නේ ඩලස්වල. අපි ෆ්ලොරිඩාවේ පුහුණුවීම් තරග දෙකක් ක්‍රීඩා කළා. ඒක තමයි අපිට තියෙන එකම ‘ප්ලස් පොයින්ට්’ එක. ඒ වගේම පන්දු වාර 20-20 තරගවලදි මෙම කඩුලු ඉතා දුෂ්කරයි. ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා. අපගේ පන්දු යවන්නන් ද හොඳින් පන්දු යවා තියනවා. ඒ වුණත් අපි ගොඩක් වැරදි කළා.”

දකුණු අප්‍රිකා දකුණත් මඳවේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියා ඕවර් 4ක් යවා ලකුණු 7කට කඩුලු 4ක් බිඳහෙලීමෙන් ශ්‍රී ලංකා පිල පසු බැසීමට ලක්විය. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු ගණන වාර්තා විය. මෙයට පෙර ශ්‍රී ලංකාව විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ඉන්දියාවට එරෙහිව විශාඛාපට්නම්හිදී ලකුණු 82කට දැවී ගොස් තිබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 30කදී හතරේ පහරක් පමණක් එල්ලකොට ලකුණු 19ක් ලබාගත් අතර, එල්ලවූ පීඩනය මැද ශ්‍රී ලංකා පිලේ පළපුරුදු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 16කදී හයේ පහර 2ක් සමග ලකුණු 16ක් ලබා ගත්තේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment