21 න් පහළ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය – බෲනායිත් පරාදයි

170

වයස අවුරුදු 21 න් පහළ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බෲනායි කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 82-16 ක් ලෙස එම තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (12 වැනිදා) සමත් වූහ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගි වූ දෙවන තරගය එය වූ අතර පෙරේදා (11 වැනිදා ) ඔවුහු සහභාගි වූ පළමු තරගයෙන්ම සත්කාරක කොරියා කණ්ඩායමට එරෙහිව 94-8 ක් ලෙස පහසු ජයක් ලැබූහ. ඊයේ බෲනයි කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තරග වට 4 තුළදී 19-6, 22-3, 20-3 සහ 21-4 ක් ලෙස ජය වාර්තා කළේය. තරගාවලිය සඳහා කණ්ඩායම් 11 ක් සහභාගී වන අතර ලබන 17 වැනි දා නිමාවීමට නියමිත එම තරගාවලිය 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය ලෙස ක්‍රියාත්මක වේ. මේ අතර තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රීලංකාව සහභාගි වන අභියෝගාත්මක තරගය අද (13වැනිදා) සිංගප්පූරුව සමඟ පැවැත්වීමට නියමිතය.

(සිංගප්පූරුව ආසියානු කලාපයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ හි දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටින කණ්ඩායමයි.)

advertistmentadvertistment
advertistmentadvertistment