ජූලි අග වන විට උද්ධමනය තනි ඉලක්කමට-මහ බැංකු අධිපති කියයි

101

ජූලි මස අග වන විට මෙරට උද්ධමනය තනි ඉලක්කමක අගයකට පහත වැටෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

උද්ධමනය කලින් අපේක්‍ෂා කළාට වැඩි වේගයකින් පහත වැටෙමින් තිබෙන බැවින් මහ බැංකුව මේ පුරෝකථනයට එළඹ ඇති බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මේ නව පුරෝකථනය අනුව උද්ධමනය කලින් අපේක්‍ෂා කළාට පෙර තනි ඉලක්කමක අගයක් කරා ළඟා වෙමින් සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා ඊයේ (01දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.

මේ සඳහා දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, රුපියල ශක්තිමත් වීම, ඉන්ධන හා ගෑස් මිල ගණන් අඩුවීම, ආහාර මිල ගණන් යථා තත්ත්වයට පත්වීම සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම හේතුවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා කියයි.

එසේම මේ වර්ෂයේ (2023) දෙවන මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් වෙමින්, ආර්ථිකය ප්‍රකෘතිමත් වනු ඇතැයිද ඊයේ (01දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment